Wednesday, February 18, 2015

සිංහල කුණුහරප




අපි එදිනෙදා සමාජය තුල කොච්චරනම් කුණුහබ්බ (  අසභ්‍ය වචන )කියනවද ( ප්‍රශ්නාර්ථයක් ) බොහෝ අයට තැනක් නොතැනක් නැහැ කුණුහබ්බ කියා වෙනවා  (තිතක්) අපිට ඇයි බැරි මේ වචන සම්භාව්‍ය විදිහට කියන්න (තිතක්)


පල්ලෙහා තියෙන්නේ ඊට උදාහරණ ටිකක් . ඔයාලත් දන්න සම්භව්‍ය කුණුහබ්බ තියෙනවනම්  යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න 
(තිතක්)

හුත්තා - යෝනියා


කෑයියා - ශිෂ්නයා

කෑරියා - ශුක්‍රානුවා


පුක තමා - ගුදමාර්ගය තමා


හුකපං - ලිංගි ක්‍රියාකාරකම් වල යෙදියං

හුත්තිගේ පුතා - යෝනිගේ පුතා


පල වේසි - පල ගනිකාව


පක තමා - ශිෂ්න තමා


ඇරපන් මට පුකේ -  අරිපං මගේ ගුද මාර්ගේ


ඈට දෙක - වුෂන කෝෂ දෙක 


උදාහරනයක් පහත දැක්වේ (තිතක්)


අඩෝ කෑරියා තෝ දන්නැද්ද හුත්තො මමත් හොද කෑරියෙක් තමා හරිද , හුත්තිගේ කොල්ලෝ තොගේ ඈට දෙක පුක වටේ පටලවල පුකේ අරින්නේ හරිද (තිතක්)


අඩෝ ශුක්ක්‍රානුවෝ තෝ දන් නැද්ද යෝනියෝ මමත් හොද ශිෂ්නයක් තමා හරිද යෝනිගේ කොල්ලෝ තොගේ වෘෂන කෝෂ දෙක ගුද මාර්ගය වටේ පටලවල ගුදමාර්ගේ අරින්නේ හරිද (තිතක්).


සිහින




මිනිස්සු කාලෙන් කාලෙට සිහින මවනවා.ඒ සිහින කාලයත් එක්ක ම වෙනස් වෙනවා.ඒ වගේ ම ඒ හිතත් වෙනස් වෙනවා.රහත් වෙනකම් එහෙමයි ලු.අපි හැම තිස්සේම හදන්නේ අනිත් අයට පෙන්න ඒ අයට වඩා ලොකු දෙයක් කරන්න. එයලට වල කපලා හරි.එක තමයි පොදු ධර්මතාවය.අපි හිතමු යාලුවා කැමරාවක් ගත්තා කියලා , තමුන් බලන්නේ ඊටත් වඩා හොඳ කැමරාවක් ගන්න.එක ගන්නෙත් ණය වෙලා, අත කණ උගස් තියලා හරි.මං කියන්නේ මේ කුහක කතන්දරේ නෙමේ.සෑම මිනිසේක්ටම සිහිනයකට සැලැස්මක් තියෙන්න ඕනේ.පිළිවෙලට මේ සැලැස්ම ක්‍රිය්වට නංවන්න ඕනේ.හොයලා බලලා කලේ නැත්තම් අර මවපු හින සේරමා හිනා වෙනවා. හරියට ගෙයක් හදනකොට හොඳ පාදමක් දැම්මේ නැහැ වගේ.

ඔය අතරේ පුංචි කතවක් මතක් උනා . ශ්‍රී ලංකාවේ අපි හරියට බොරු කියනවා.අවංකව ඇත්ත කියන අය හරිම අඩුයි.මේ තත්වේ එන්න එන්නම වැඩි වෙනවා.බහුතරයක්ම ශ්‍රී ලාංකිකයෝ පට්ට පචෝරිස්ලා.

'' නොදකින් "

ලියන්න පටන් ගද්දි තව මොනාදෝ ලියන්න හිතන් හිටියා , නමුත් මට දැන් ඒ ටික අමතකයි.

" චික් "


මාතෘ කාවක් දන්නේ නැත



වෙලාව සවස 4 පහු වුනා විතරය .වැහිබර කාලගුනයකින් මුළු සරසවි බිමම වෙලා ගන්නට සමත් විය.දහවල් කාලයෙ වැහි වලාකුලක් පෙනෙන්නට නොතිබුන අහස වැහි වලාකුළු වලින් බර වී වෙනස් උනේ සිතන්නටත් බැරි කාලයක් තුලය. වල ළඟ ඉඳන් හිමින් හිමින් ඇවිදන් ඇවිත් අල්විස් පොකුණ ළඟ වාඩි උනේ හිතේ හට ගත් වේදනාව හා තනි කම නිසාමය.වට පිටාව ගැනවත් අවධානයක් යොමු කරන්නද හිත දුන්නේම නැත.ඒ තරම්ම හිත තිබුනේ නොරිස්සුම් ගතියකින් හා වේදනාවකින්ය.හිත එක් එක්තැන් කරගෙන හොස්ටල් එකට යන්නටද බැරි තරම්ය.
මම මහා ගලක් යැයි සිතා සිටියෙමි.නමුත් අද එසේ නැත.යම් යම් හේතුන් නිසා සිත බොලඳ වෙයි.ආදරය සමහර අවස්ථාවන්හිදී තව එකෙකුගේ හැඟීම් හා සමග කරන ක්‍රීඩාවක් වැනිය.එහිදී දෙදෙනාම දිනන්නට පුළුවන, පරදින්නටද පුළුවන,එක් අයෙකු පරදින්නටත් ඒ පැරදීම නිසා විඳවන්නටත් පුළුවන මගේ හිතේ ආදරයක් නැවත දළු ලන්න පටන් අරගෙනය.. එය කුළුඳුල් ආදරයක් නම් නොවේ.මා ඇය කවුද කියා දන්නේද නැත දන්නේ එකම දෙයයි. අපේ සරසවියෙම අවු 2 බාල සිසුවියක් කියාය....
බුදුන්ට අනුව දිව නාසය ඇස සම කණ කියන පහෙන් කිඳා බසින සිතුවිලි මොලය හරහා ප්‍රේමය හා ප්‍රතික්ෂේපය බවට හැරවෙනවා.පංචේන්ද්‍රියන් පිනවන යම් යම් දෙයක් වේද සිතුවිලි හරහා එය දරුණු ලෙස ඉල්ලයි නම් එය ප්‍රේමයයි.මටත් ඔනේ පෙම්වතෙක් වෙන්න නමුත් මට දෙවියෝ පෙමව්තියක් දෙන්නේ නැහැ.මට හිතෙනව ලෝකයාටම ඇහෙන් මහා හයියෙන් කෑගහලා කියන්න මාත් මනුස්සයෙක් කියලා.ප්‍රේමය ගැන ඉතා ලස්සන චිත්ත රුප මෑවෙද්දී මං උඩ බලාගෙන ඉන්නවා..
දිගු නිහැඬියාවකින් පසු මචං කියා පිටට උඹ තට්ටු කරාමයි මං සිහින ලෝකෙන් අවදි උනේ.මචන් මොකෝ මේ බර කල්පනාවක මුකුත් නැහැ කියා හිත රවට්ට ගන්න හැදුවට ඌ දන්නවා ඇත්ත ,බොරු කියන්න එපා මචං කියා කතාවට මුල පිරුවද මට උඹත් එකක් කතා කරන්න බැහැ. මට උඹේ මුනෙන් ලොකු දෙය පෙන්වා , මොකෝ උඹ කෙල්ලෙක්ට වහ වැටිලද ඇත්ත කියපන්.උඹට මතකද පෙරේදා ලෙක්චර්ස් ගිහින් එනකොට අක්බාර් පාලම ළඟ කෙල්ලෝ ටිකක් හිටියා,කෙල්ලො නම් කොච්චර එතැන හිටියද බං,මොන කෙල්ල ගැනද උඹ කියන්නේ . ගයානයගේ කෙල්ලගේ සෙට් එක බන්....ආආආ ඉතින් කියපන්කෝ, උඹට මිටර්ද ඒ සෙට් එකේ හිටියා සුදු අහිංසක ලස්සන කෙල්ල සුදු බ්ලවුස් එකයි කළු ටයිඩ් ඩෙනිමයි ගහලා කන්නාඩි දාපු... ඒකිද මේ උඹට බැල්ම දාපු කෙලි පොඩ්ඩ.එකි මට දාපු බැල්මට් එකක් නැහැ මචං....ඉතිං දැන් මොකෑ වෙන්න ඕනේ කියපන්කො.උඹට හැකිද බං ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඉතිං උඹට පුළුවන්නේ කෙලින්ම ඒකිගෙන් අහන්න.
මට ඒ කෙල්ල දැක්ක දවස ඉඳන් හිතට මොකක්ද මංදා වෙනසක් දැනෙනවා මචං.කොල්ලට ආයි මල් සරා බැල්ම හෙලලා වගේ. මචන් උඹ හිතනවද ඒ කෙල්ල උඹට කැමති වෙයි කියලා.ඒ කෙල්ලට කොල්ලෙක් නොහිටියත් ඇයි බං අකමැති වෙන්න හේතුව.උඹ ඉස්සෙල්ලා පොඩ්ඩක් හොයලා බලපන්කො,මං නම් හිතන්නේ කොල්ලෙක් නැතිව ඈති බං.මං දැකලම නැහැ කොල්ලෙක් එක්ක ඉන්න්වා. සමහර විට කැම්පස් එකෙන් එළියේ කොල්ලෙක් ඉන්න පුළුවන් මචං ,තව ටික දවසයි මචං තියෙන්නේ අපිට . කාලය යන්නේත් අපිට නොදනුවත්වමයි.
මගේ ආදරය ඇයට පවසන්නේ කෙසේද මෙටික දවස ඇතුලත .සමහර විට අපි ආයි හමු නොවෙනු ඇත. මේ නම් සසර ගමනක කුමක් හෝ බැඳීමක් විය යුතුය.ඈ මාහට මේ තරම් හුරු පුරුදු ඒ නිසාවෙන් විය යුතුය.ඇය මෙසේ මුණ ගැසුනේ මාගේ ජිවිතේ යම් හැරවුම් ලක්ෂයක් විය හැක.මගේ සිත ඈ ගැන ආදරයෙන් පිරි ඈත.
හෝරාවකට අධික කාලයක් මාත් එක්ක කතිකා කරපු ආත්මය සමච්චලයට හිනා වී මටත් නොකියම ගියේ මං බොළඳයි කියා නොකියාය.....



හන්තාන අහස

පේරේ නොමැති පොෂ් හදවත්


මලිත් මට හමුවුනේ දැනට අවු 10 ට විතර ඉස්සර.ඒ රාජකීය විද්‍යාලයේ පැවතී චෙස් තරඟයකදී.මලිත් මහනුවර ප්‍රධාන පෙලේ පාසලක කැපි පෙනන දඩබ්බර චරිතයක්.රාජකියේදී හමුවන්නට පෙර මලිත් මට මුණ ගැසී තිබුණි.මං අදටත් මලිත් හම්බ උනේ කොහෙදිද කියලා හිතනවා.සමහර විට එක සංසාරික බැදීමක් වෙන්න ඇති.අපිට මේ ජිවන ගමන අතර මගදී හුරු පුරුදු මුහුණු හම්බ වෙන වාර අනන්තයි.නමුත් ඔවුන් කවුද කියන්න අපි දන්නේ නැහැ.මලිතුත් එහෙම එකෙක්.මලිත්ගෙයි මගෙයි මිතුදමකට එහා ගිය සහෝදර බැඳීමක් තියෙන්නේ.අපි ඒදා රාජකීයෙදී හම්බ උනාට පස්සේ දුරකතනයෙන් කතා කල වාර ගණන අතේ ඇඟිලි ගානටත් අඩුය.ඔහු මට නැවත මුණ ගැසෙන්නේ භුකියේදී ඒ දැන් අවු 5 ක් 6 ක් විතර ඇති.ඒ දිනක් මලිත් මගේ මතකෙට ආපු වෙලාවකය.මලිත් කියන නමින් තිබ්බ හැම නමකටම රික්වෙස්ට් දැම්මා.මලිත් මගේ මිතුරු ඇරයුම පිළිගෙන තිබුනත් ඔහුට මා මතකෙට නැගුනේ එදා රාජකියේදී ගත් පින්තුරයක් පෙන්නු පසුය.මේ සංසාරික බැඳීම නැවතත් අලුත් විය.
භූකියෙන් හමු වූ අපි මේ සමාජ ජාලෙන් එලියට එන්න හිතන් උන්නත් අපි දෙන්නට එකට කාලය ලැබුනේ නැහැ. දිනක් හන්තාන අහස යට ආදරෙන් වේලි සිටි හුරුපුරුදු පෙම්වතෙක් ඇත සිට දුටුවද ඔහු කවුද කියා බලාගන්නට මා සිත පෙලමිබිනි.මලිත්ගේ පෙම්වතිය දැන හඳුන ගන්නේ එදිනය.මේ කෙල්ලගේ නම අපි කියමු චතු කියලා.පාසැල් ජිවිතයට සමු දී කැම්පස් යන්න ඔවුන් දෙදෙනාම ඇඟිලි ගැන ගැන ඉන්න බව මලිත් මට දිනක් කතා කල අවස්ථාවක කිවේය.මලිත්ගේ ආදරවන්තිය හා මාගේ #$%^&*$% එක ස්කොලේ බවද දැන ගත්තේ එවිටය.මේ මිතුදම , සහෝදරකම තවත් ශක්තිමත් විය.අපි හතර දෙනා හන්තාන අහස යට නොගිය තැනක් නොතිබිණි .චතුත් මට සහෝදරියක් තරම් ලං විය.චතු කොළඹ විෂ්‍යවිද්‍යාලයටත් මලිත් පේරාදෙනිය විෂයවිද්‍යාලයටත් තේරිණි.හන්තාන අහස යටදී නැවත මොවුන්ට මුණ ගැසෙන්න අවස්තවක් ලැබුනේ චතු ගෙදර ආපු දාට පමණය.මොවුන් දෙදෙනා දැන් තෙවැනි වසරේ සිසුන්.කාලය දෙදෙනාට නොදැනී ගෙවී ගියේ වෙගයෙන්ය.පසුගිය දිනක මලිත්ගෙන් දුරකතන ඇමතුමකි.මලිත් මට සීරියස් කතා කරපු පලවෙනි දවස එදයි" මචං ජනියා උඹ කොහෙද ..."
ඔය වචන වලින් පටන් ගත්ත යාළුකම සහෝදර කමක් තරමට මෝරලා බොහෝ කල්ය.එකෝමත් එක දවසක හන්තාන අහස යට රොබරෝසියා ගහ ලඟදි ( කැපුවට පස්සේ ) එහෙමත් නැත්නම් වලේදී මලිත් දීර්ග සුසුමක් හෙලා කතවකට මුල පුරන්න හදන බව මට දැනුනි.හන්තාන අහසට සුර්යා ආයුබෝවන් කියා අඳුර ගලා එමින් තුබුණි. හන්තාන අහස යට රොබරෝසියා ගහ ළඟ ආදර සිත් කියක් නම් එකතු වී ඇතිද , සිත් කියක් වෙන් වෙන්න ඇතිද.
දීර්ග නිහැඬියාවකි පසු මලිත් කට හඬ අවදි කළේය.මචං ජනියා මේ ජිවිතේ හරි සුන්දරයි මචන් ඒ වගේම කටුකයි.මේ දෙකම අපි විඳින්න ඕනේ.සුන්දර දේවල් අපිට කවුරුත් ගෙනත් දෙන්නේ නැහැ.අපි ඒවා ලබා ගන්න ඕනේ.ජීවිතේදී මිනිස්සු අපිට හම්බ වෙනවා ඒ වගේම වෙන් වෙනවා.හමු උනොත් වෙන් වෙන්න සිද්ද වෙනවමයි.උඹත් අද ඉඳලා හෙට යයි.චතු දැන් මාත් එක්ක කතා කරන්නේ නැහැ බං.දැන් මාස ගානක් වෙනවා. මලිත්ගේ හිතේ තිබ්බ ලොකු කතාවක් එලියට පැන්නේ එවෙලෙයි.මලිත්ගේ කතව අහං ඉන්න මට හිතට අමුත්තක් දැනුනි.කොහේදෝ ඉඳලා එන මුලස හිතලක් අපි දෙන්නගෙම හිත හිරි වට්ටනකොට මුකක් කරන්නද කියා සිතා ගන්නට බැරිය. පහු ගිය දවසක කැම්පස් එකේදී චතු හම්බ උනත් මේ ගැන මට දැන ගන්නට ලැබුනේ නැහැ.මලිත් මගෙන් ඉල්ලපු එකම උදවුව කැම්පස් එකට ගිය වෙලවක චතු ගැන හොයලා බලන්නයි.එදා ඔය උදවුව ඉල්ලලා මලිත් හිනා වෙන්න උත්සහ කලත් හොරෙන් වැටුණු කඳුළු බිංදු වලේ පඩි දිගේ ගලා ගෙන ගියේය.මලිත් මිට පෙර අරක්කු බීපු එකෙක් නෙමේ.නමුත් දැන් එයට පෙළඹී අවසන්ය.
මලිත් කිවූ පසු චතු ගැන සොයා බැලුවත් මට මලිත්ට කිසිවක් කියන්නට සිතුනේ නැත.මන්ද ඔහු සංවේදී පුද්ගලයෙක් නිසාය.මලිත් ඊයේ කොළඹ ඇවිත් මා එක්ක කොළඹ කැම්පස් එකට ගියේ චතු ගැන මං කිසිවක් නොකී බැවින්ය.කැම්පස් එකේ හතර වටේ ඇවිද්දත් චතු හොයා ගන්න බැරි තැන චතුගේ ෆැකල්ටියේ කෙල්ලෙක් හමු වී චතු සිටිනා තැන දැන ගන්නට ලැබුණු නමුත් මා එහි යන්නට අකමැති බව මලිත්ට වැටහිණි.ඔහු එය ගණනකට නොගෙන මාවත් ඇදගෙන චතු සොයා ගියේය.චතු ඔහුගේ පෙම්වත්ත සමග කැන්ටිමේදී අප දෙදෙනනට මුණ ගැසුණි.
චතු එක්ක වචන දෙක තුනක් කතා කල මලිත් කිසිම හිත් අමනාපයකින් තොරව ඇයට දෙන්න ගෙනා පර්සලයක් දී එන්නට විය.චතුගේ දෑසින් කඳුළු කැට වැටුණු බව දුටු විට මලිත් කිසිවක් නොපවසා ඉන් නික්ම වන්නට උයේය.
ආදරය යනු අතිශය කැමැත්තය.එය සංසන්දනාත්මකවය.තමන්ට වඩාත් ගැලපෙනවා යැයි සිතන්නේ තමන්ට හමුවන අයගෙන් ඔවුන් සිත අක්‍රමණය කරන ආකාරය අනුවය.එය නොලැබී ගියහොත් දුක දැනෙන්නේ එතරම් හොඳ එකක් තමන්ට නැති වුවායැයි සිතාය.හොඳටම හොඳ ඒවා අහිමිවීම අතර ටිකක් හොඳ එකක් වුවද අහිමිවීම දුකකි.
ඔහු සිත අක්ර්මනයට වෙහෙසුන එක්තරා තරුණියකි.ඈ වරදක් නැත.ඔහුද එය තෙරුන් ගැනින. අවුරුදු 4 ක් 5 ක් පමණ පෙම් කර වෙන් වීමය දුක.


මා ලේකකයෙක්වත් පත්තරකාරයෙක්වත් නවකතාකාරයෙක්වත් කෙටිකතාකරුවෙක් වත් නෙමේ.. මගේ අතින් අනතවත් වැරදි වෙනවා ලියද්දී. ඒ වැරදි ටික කියලා දෙන්න.



මලිත් හා චතු අන්වර්ථ නාම දෙකකි , නමුත් අන් කිසිවක් මංකල්පිත් නොවේ.දින වකවානු පවා සත්‍යය.


ආරාධනා... ආරාධනා.....


'' සඳු අපි අදුරගන දැන් අවුරුදු දෙකකටත් වැඩියි , මට ඔයාව තාම දකින්ඩ බැරි උනානේ ''
'' හරි හරි පැටියෝ මේ පාර මම ලංකාවට ආපුවහම ඔයාව බලන්ඩ එනවනේ ''
'' කවදටද එන්නේ ''
'' ලබන මාසේ පහලව ''
'' මම කියපුව ගේනවා නේද''
'' ගේනව ගේනව පැටියෝ . ඒවත් ගේනව මගේ පැටියට උම්මා ගොඩකුත් ගේනව'' ......................................................
'' චානක මේ මම , මේ නම්බර් එක සේව් කරගන්න මං ලංකාවේ ඉන්නකං පාවිච්චි කරන්නේ මේක ''
'' කවදද ආවේ සඳු ''
'' ඊයේ රැ ......මට ඔයාව දකිනකං සිහියක් නැ අනේ ''
'' ඉතින් ස්කයිප් එකෙන් දැක්කේ '' '' එහෙම බැ හැබැහින් දකින්ඩ ඕන ''
'' ඉතින් සඳු කවදටද මාව බලන්ඩ එන්නේ ''
'' හෙට උදේ නමයට කඩවත බෝධිය යටට එන්ඩ''
'' හරි මම එන්නං , එහෙනං තියනව පැටියෝ'' '' බායි '' ....................................................
'' හෙලෝ කොහෙද මනුස්සයෝ ඉන්නේ මම දැං පැයකටත් වැඩියි මෙතන වේලෙනව''
'' මං මේ පාර දිගේ පයින් එනව අනේ ... ත්‍රීවිල් එකක් එයි කියල බලබල මේ බැග් එකත් හෙන බරයි ......ඒ මදිවට ඔයත් බනිනව''
'' හරි හරි ඉක්මනට එන්නකෝ '' .........................................
'' අනේ චානක ඔයා හිතුවට වඩා කලුයිනේ '' '' ඔයානං ස්කයිප් එකෙන් දැක්කට වඩා සුදුයි ලස්සනයි , බදාගන උම්මා එකක් දෙන්ඩ හිතෙනව ''
'' අනේ නිකං ඉන්න ''
'' මෙතන ඉන්න බැ අව්වයි , අපි වෙන කොහෙට හරි ගිහිල්ලා කතා කරමු '' ...............................................
'' ෂ්.....ෂ්...... මල්ලි ''
'' කොහාට යන්ඩද මහත්තය ''
'' අපිව නිදහසේ ඉන්ඩ පුලුවන් තැනකට ගිහිල්ලා දාන්ඩ ''
'' හරි මහත්තය දන්න ආතල් පොට් එකක් තියනව , පට්ට සේප්ටි '' ............................................
'' කීයද මල්ලි හයර් එක ''
'' තුන්සීයයි මහත්තය ''
'' ආ චානක මේකෙන් දෙන්ඩ ''
'' මේ උදේ පාන්දර දාහක් මාරු කොහෙද මහත්තය ''
'' ආ ඉන්ඩ මාලග තියනව ''
'' මහත්තයා යනකොට මේ නම්බර් එකට කොල් එකක් දෙන්ඩ මම ඇවිත් ගන්නං ''
'' හරි මල්ලි '' .................................
'' ආ මෙන්න ''
'' එපා චානක ඔයා දාහ එයා තියාගන්ඩ ''
'' එපා එපා ...ආ ගන්ඩ ''
'' තියාගන්ඩ ලමයෝ ආඩම්බරකං නැතුව '' ....................................
'' අපිට රූම් එකක් ගන්ඩ පුලුවන්ද ''
'' මට අයි ඩී එක දෙන්න මහත්තය '' '
' ආ මෙන්න යතුර ඔතනින් උඩට නැගල නොම්බර නමය කාමරයට යන්න '' .........................................
'' උම්මා............. උම්මා................. උම්මා..............මම ඔයාට මේවා දෙන්ඩ කොච්චරකල් බලාගන හිටියද පැටියෝ ''
'' මේ බලන්ඩ මම ඔයාට ගෙනාපුවා ''
'' මෙන්න ඉල්ලපු කැමරාව ''
'' මේ ෆෝන් එක ලස්සනද ''
'' මේ ඇදුම් ටිකත් ඔයාට ''
'' මෙන්න මෙහෙට එනව මට ඔව්වා ගෙනාවට තව උම්මා ගොඩක් දෙන්ඩ '' ........................................
'' මං හිතුවේ නැ මෙහෙම වෙයි කියල ......මං කවදාවත් කාත් එක්කවත් එහෙම ඉදල නැ ................අනේ චානක කියන්න ...........ඔයා මාව කවදාවත් අත අරින්නේ නැ නේද ...........ඔයා මාව බදිනව නේද කොල්ලෝ '''
'' බය නැතුව ඉන්න සඳු මං ඔයාව තනිකරන්නැ ''
'' මගේ හොද කොල්ලා ''
'' එන්න ඔයා ගෙනාපු කැමරාවෙන් ඉස් ඉස්සෙල්ලම ෆොටො එකක් ගන්ඩ ''
'' මෙහෙම ''
'' ඉතින් මොකද මට බලන්ඩනේ ''
'' අනේ මන්දා ''
'' කෝ කෝ ඔය අත අහකට ගන්නව ..ගොඩේ ගැනියෙක් වගේ ලැජ්ජා වෙන්නේ '' .......................................
'' අපි දැන් යමුද ''
'' ආයේ කවදටද මාව බලන්න එන්නේ ''
'' තව මම දාපු බඩු පෙට්ටියක් තියනව ඒක ක්ලියර් කරගත්තහම එන්නං ....තව ගොඩක් දේවල් තියනව ඔයාට දෙන්න ''
'' ඔයාලග සල්ලි තියනවද , ආ මේ සල්ලි වලින් කාමරේට ගෙවලා දාන්න , මේ ටික ඔයා වියදමට තියාගන්න '' ....................................................
දින කිහිපයකින්
'' හෙලෝ ....චානක ...මට මෙන්සස් අනේ නැති හින්දා යුරින් චෙක් කලා මම ෆෙග්නන්ට් වෙලාලු ''
'' මොකක් ‍....ඇයි මම තමුසෙට පාමසියෙන් අරන් දුන්න පෙති බිව්වේ නැද්ද ''
''පලවෙනි එක බිලා එලුව කැරකිලිල ආපු හින්දා දෙවනි එක බිව්වේ නැ ''
'' ඔයිට හොදයි මාව මරාගන කැවනං ''
'' අපි බදිමු ''
'' බදින්ඩ පිස්සුද ඕයි .......අපි ළමයව නැති කරමු ''
'' අනේ මටනං බැ ඒ පව්කාර වැඩේ කරන්ඩ ''
'' එහෙම කියල බැ .................දහ පහලොස් දාහක් දුන්නහම බඩ සුද්ද කරත හැකි . අමාරුවක් නැ ''
'' අනේ මටනං බැ චානක ''
'' සඳු මේ අහනව ...මේවා මෙහෙම කතා කරන්ඩ බැ .......මම තව පැයකින පුරුදු තැනටම එනවා ඉක්මනට ලෑස්තිවෙලා එනව '' ..................................................
'' අනේ අපි දැන් මොකද කරන්නේ අර වැඩේ නං මට කරන්ඩ බැ ...........අපි බදිමු ''
'' රස්සාවකුත් නැතුව කොහොමද මනුස්සයෝ ජීවත් වෙන්නේ ...................ආයෙත් රට ගිහින් එනව මමත් ඒ වෙනකොට මෝනවහරි කරල ගොඩ ගිහිල්ලා ඉන්නං.......................හරි තමුසෙට බැරි බඩ ඇබෝෂන් කරන්නනේ ..............මේ පෙතිටික බීලා දානව ''
'' අනේ මට බැ පවුකාර වැඩ කරන්ඩ ''
'' මෙහෙට වරෙන් ඇරපං කට නැත්තං මම බෙල්ල මිරිකල හරි මේක පොවනව '' ...........................................................
'' හෙලෝ .........මොකුත් වෙනසක් තියනව ''
'' නැනේ චානක අනේ මට බයයි ''
'' ඒක තමයි මං කියුවේ අර තැනට ගිහින් , අර වැඩේ කරමු කියල , ......බලනව පන්ඩිත කමට ...කරගත්ත දේ .. දැන් පරක්කු වැඩියි ''
'' අපි බදිමු ''
'' මට බැ '' '' මගේ සේසතම හුරගන දැන් කොහොමද චානක එහෙම කරන්නේ තමුසේ මම හෙට උදේට තමුසෙලගේ ගෙදරට ඇවිත් නවතිනව ''
'' මේ අහපං සඳු ..
උඹ ආවොත් මම බෙල්ල මිරිකල මරනව ''
'' එහෙනං මරපං ...මම එන එක එනවාමයි ...මෙහෙම ජීවත් වෙනවට වඩා ඒක සැපයි '' ......................................
ට්රීං ට්රිං ................
'' මේ ළමය කවුද''
'' අම්මේ .... චානක ඉන්නවද ''
'' මම සඳු එයාගෙයි මගෙයි සම්බන්දයක් තියනව . මට දැන් බබෙක් හම්බෙන්ඩ ඉන්නව . එයා දැන් මාව මග අරිනව , අම්මල මට පිහිට උනේ නැත්තං වහකන්ඩ තමයි වෙන්නේ ''
'' වහකන්ඩ ඕන නැ හිටපිය මම බෙල්ල මිරිකන්ඩ , මම තොට කියුවා නේද මෙහේ එන්ඩ එපා කියල''
'' පොඩි පුතේ ...බලු වැඩ කරා මදිවට උඹ තව මිනිත් මරන්ඩද හදන්නේ පලයං අහකට ඔය ගෑණිගේ බෙල්ල අත ඇරල ''
'' ඔය ළමය බය නැතුව ඉන්ඩ . මටත් කෙල්ලො ඉන්නව ... මේ බල්ලා බලු කමට හැදුනට ..... එන්ඩ දුවේ ගෙට '' ................................. ''
ටික කලකින්
සදු..........අදත් බිස්නස් හොදයි...., ඇදුම් කෑලි තිහකටත් වඩා විකුනුනා . , කඩේට ගත්ත ණය ටිකත් ඔක්කොම ගිය මාසේ පියවල ඉවර උනා ''
'' අනේ හොදයි ඒකනේ මම ඔයාට කියුවේ අපේ දෙයක් කරල අපිට ගොඩ යන්ඩ පුලුවන් කියල ''
'' ලබන සතියේ නේද ඉස්පිරිතාලේ නවතින්ඩ ඕන ''
'' ඔව් අනේ මට බයයි ඩොක්ට එදා ක්ලීනික් එකට ගියහමත් කියුවා බබා හැදිලා මදි කියල ..අර බෙහෙත් හින්දද දන්නැ ''
'' බය නැතුව ඉන්ඩ .. එහෙම මොකුත් වෙන්නේ නැ '' .................................................
'' කෝ බබා ''
'' ලස්සන පුතෙක් අනේ .......‍ගොඩක් පොඩි හන්දා එයාට කිරි මගෙන් උරල බොන්ඩ බැ .....නර්ස්ල මගෙන් කිරි අරගන පුතාට පොවල ගෙනත් දෙන්න කාමරයට අරගන ගියා '''
'' මට දකිනකං සිහියක් නැ ''
'' හරියට වැඩිල නැති හන්දා ලොකු වෙනකං ගොඩක් පරිස්සං කරන්ඩ කියුවා චානක ''
'' අපේ පුතු කැටයව අපි හොදට බලාගම්මු සදු ''
'' අන්න අරගන එනවා ඔයාගේ අතට ඉල්ල ගන්න '' .............................................................
වසර 4 ට පසු
'' චානක ඔයා යනගමන් පුතාවයි මාවයි වැන් එකේන් බස්සගන යනවද ටවුන් එකෙන් පුතාට මොන්ටි සෝරියට ඕනකරන බඩු ගන්ඩ ඕන ''
'' මට පරක්කුවෙනව ඔයාල ත්‍රීවිලර් එකේ යන්ඩ ''
'' ත්‍රී විලර් එකේ යනකොට පුතාට හුලං වදිනව . ඊයේ රැත් ටිකක් ඇග රස්නෙයි ''
'' හා එහෙනං මම ඉන්නං ඉක්මනට ලැස්ති වෙන්න '' ........................................................
'' අනේ චානක ඉක්මනට හේමාස් එකට එන්ඩ ......පුතාව එකපාරටම ඇග පන නැතුව වැටුනා ''
'' ඒ මොකද ඒ මම ඉක්මනට එන්නං ......ඔයා මොකක් හරි වාහනයක පුතාව හේමාස් එකට අරගන යන්ඩ '' ................................................
'' ඩොක්ට මගේ පුතාට මොකද වෙලා තියෙන්නේ ''
'' කනගාටුයි මිස්ටර් .....අපි හුගක් අත්සාහ කලාපියවි තත්වෙට ගන්න , මොලයේ වර්ධනයේ අඩුවක් හින්දා . ඇති වෙච්ච තත්වයක් අපිට දරුවව බේරගන්න බැරි උනා ..............................................................
ආරාධනා... ආරාධනා...
ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා... ආරාධනා...
නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා
සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා
ආරාධනා... ආරාධනා...
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු
බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා

ආරාධනා... ආරාධනා...




උපුටා ගැනීමක් නොවේ



සිංදුව අහන්න මෙතනින් - https://www.youtube.com/watch?v=fd7JpE0RI_E


~ හුදකලා බව ~






හුදකලා වෙච්ච ගම්මාන ප්‍රසිද්ද කරන්න එපා. ගිහින් බලලා ඇවිත් ඒ රස තවකෙකු සමග විඳිය යුතුයි , නමුත් එය අතිශයෝක්තියෙන් විවේචනයට ලක් කිරීම ඒම ග්‍රාමීය මිනිසුන්ගේ ජිවිතයට යම් තර්ජනයක් ඇති විය හැකි.එම ගම්මාන හැම දාම ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි කියන එක නොවේ මගේ අදහස.මං මාවත් ඒ ඒ ගම්මනට වලටද ලැබිය යුතුය. පාසැල් ඉදිවිය යුතුය.එම ගම්මාන වලටත් තාක්ෂනය හිමි විය යුතුය.හුදකලා බවෙන් එලියට පැමිණිය යුතුය. මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව ජාතික සවිය – ගම නැඟුම වැඩසටහනේ දර්ශනය වන “ගම ජාතික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම” සඳහාත් නිල්ල පිරුණු සමෘද්ධිමත් ගමක් නිර්මාණය කිරීම හුදකලා උන ගම්මාන වලටත් හිමිවිය යුතුය.ආසියාවේ ආශ්චර්ය මෙම ගම්මාන වලටත් දෙන්න ඕනේ. දුන්නා වගේ නෙමේ. එහි බලපෑම් ශෝක ජනකයි. මොහොතක් හිතන්න “ගම ජාතික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමෙන් ” දඹානෙහි වර්තමාන තත්වය.වැද්දා අඹුඩයද මාකට් කළා. සංචාරකයන් දඹානට යනකොට සරම ඉවත ලා වැද්දා කොළ අතුවලට සමු දී අඹුඩය ගසා ගනී. කොළ අතු අත හැර අඹුඩය ගසා ගැනීම නොවේ මෙහි ශෝකජනක බව. ඊට එහා ගිය දෙයක් එහි තිබේ.දඹානෙහි එදා තිබු ග්‍රාමීය බව අද දැක ගන්නටද නැත.
සුරිය අරනින් පසු හුදකලා උන ගම්මානයක් කරලියට ආවේය. දුම්බර මිටියාවතේ සැඟවුනු මීමුරේ ගම්මානයයි. පසු කාලීනව එහි කඳවුරු බිම් කීපයක් ඉදි උනි.සංචාරක තෝතැන්නක් බවට පත් විය.බොහෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විසින් ප්‍රකාශ කර සිටියේ මීමුරේ ව්‍යාපාරිකයන් අතින් එය පිරිහී යන බවය. නමුත් එහි වර්තමාන තත්වය ඔවුන් පවසන පරිදි නොවේ. බලපෑමක් යම් තාක් දුරට තිබේ. මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව ජාතික සවිය – ගම නැඟුම වැඩසටහනේ දර්ශනය වන “ගම ජාතික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම” සඳහාත් නිල්ල පිරුණු සමෘද්ධිමත් ගමක් නිර්මාණය කිරීමේ අරමුණින් මීමුරේ ප්‍රදේශයේ කමර දහසකට අධික හෝටල් සංකීර්ණයක් නුදුරු අනාගතෙදීම ඉදි වේ.මෙම ගම්මාන වලට අත් වන ඉරණම අපට සිතා ගත හැකිය.

මෑත කාලයේ ප්‍රසිද්ද වෙමින් පවතින තවත් ගම්මානයක් නම් බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩොල්සිම ග්‍රාමනිළධාරී වසමේ කොහොනාවල ගම්මානය. ඔබ මා නොදන්නවා උනාට මේ පුංචි රටේ අතිරමණිය ග්‍රාමීය ගම්මාන බොහෝ ඇත.ඔබෙත් මගෙත් තෘප්තියක් ලැබීමේ පරමාර්ථයෙන් මෙවැනි සොඳුරු ස්ථාන සොයා සංචාරයේදේ. අප විසින් පසු කාලීනව කරන්නා වූ යම් යම් ක්‍රියාදමයන් හේතු කොට ගෙන මෙවැනි ගම්මාන වලට හා එහි ජිවත් වන මිනිසුන්ගේ ජිවිත වලට තර්ජනයන් ඇති වන්නේ දීර්ග කාලයකට පසුවය.

මොහොතක් සිතන්න.

යාලුවෝ ඕනම ද ?




සමහරු හිතනවා ඇති මම මොකද මේ වගේ දෙයක් ලියන්නෙත් කියලා. ඕනම කෙනෙක්ට හිතට එන දේ ලියන්න පුලුවන්. ඒකට කාගෙන්වත් ප්‍රශ්නයක් නෑ
ඇත්තෙන්ම ඕන. හැබැයි දුකේදී සැපේදී දෙකේදිම ඉන්න යාලුවෝ.
යාලුවෝ නම් හැමෝටම ඉන්නවානේ.... ඒ හැම කෙනෙක්ම එක්කම හොඳින් ඉන්න එක තමයි ලොකුම වැඩේ.සමහර කට්ටියට අඹ යාලුවොත් ඉන්නවා??
අනේ මට නම් අඹ යාලුවො නම් නෑ. ඒ වුණාට හැම ජාතියකම යාලුවො නම් ඉන්නවා
ලංකාවේ මේ කෙරෝලේ ඉඳන් ඒ කෙරවලට ගියත් මට යාළුවෙක් ඉන්නවා.නමුත් ඔය යාළුවන්ගෙන් අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් උදවු ඉල්ලන් තියෙන්නේ.හරිය බැලුවොත් ඒවා උදවු කියන්නත් බැහැ.පුංචි පුංචි එවුවා.
ඔයා යාළුවො අතරින් යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා හිටියා
මං ඉස්සර හොඳට බීපු එකෙක් . බිලා හතර ගාතෙන් යන්නේ.බීපු දවසට මාව කාමරේට උස්සන් හරි බිම දිගේ ඇදන් ගිහින් හරි ඇඳෙන්ට දාලා බෙඩ්ෂිට් එකත් දාලා කාමරේ දොර වහලා එළියෙන් යතුර අරන් ගිය එකෙක් හිටියා.(හොස්ටල් හිටිය කාලේ ) අම්මා හරි තාත්තා හරි පුංචි කාලේ ඇඳට උස්සන් ගිහින් බෙඩ්ෂිට් එක දැම්මට පස්සේ හොස්ටලේ එකේ එකටම හිටිය එකා තමා ආයි වතාවක් මට ඒ දේ දුන්නේ.උ දන්නේ නැති උනාට මගේ හිතේ වූ ගැන පට්ට සහෝදර කමක් තියේ .
පස්සේ කාල් මන් ඔය ඉහත කිව යාළුවො තුන් දෙනාගෙන් එකෙක් කාර් එකක් ගන්නවා.උගේ කාර් එක ගන්න ගියෙත් මම .කාර් එකේ ටෙස්ට් රන් එක ගියෙත් මම.මන් බීපු දවසට මන් ගෙදරට දම්ම ගන්නේ උගේ කාර් එකේන්.රෑ එකට දෙකට උනත් මාව ගෙදරට දන්නා ඌ හිටියා.ඒ මං තිරිසන් විදිහට බීපු කාලේ මේ කාර් එක හිමි යාලුවා බොන්නේ නැහැ.පස්සේ පහු කාලෙක මු ක්‍රමක් ක්‍රමයෙන් පොඩි පොඩි මත් වතුර වර්ග තොල ගාන්න පුරුදු උනා.කාලයත් එක්ක උගෙයි මගේ තිබ්බ මිතු දම පොඩ්ඩක් විතර දුරස් උනා.මන්ද අපිට වර්තමානයේ වගකීම් කියලා දෙයක් ඉෂ්ට කරන්න වෙලා තියෙනවා.ඉස්සර හිටියා වගේ සැහැල්ලුවෙන් ජිවත් වෙන්න අපට පුළුවන් කමක් නැහැ.මු තවත් එක් යාලුවෙක්.
ගලාගෙන යන මේ ජිවිතේ දී මට තවත් එක් යාලුවෙක් හම්බ වෙනවා.අපි දෙන්නා රට වටේ ඇවිද්දා . පිස්සු කෙලියා කරන්න තියෙන කුප්ප වැඩ ඔක්කොම කළා. මු අදටත් අරක්කු සිගරට් බොන්නේ නැහැ.මට බොන්න අරන් දීලා තියෙනවා.අපි දෙන්නා කොහේ හෝ ඇවිදින්න ගිය අවස්ථවන් හිදී මං බිලා වැඩි උනාම , මහා පාර අයිනේ මු එක්ක මන් නිදාගෙන තියෙනවා.එක් පාරක් බස් හෝල්ට් එකක නිදා ගත්තේ.මුත් එක්ක තිබ්බේ මයේ පට්ටම මිතු දමක්. එතනින් එහාට ගිය සහෝදර බැඳීමක්. මුට ආදරයක් දළු ලන්න පටන් ගත්තේ. මගේ යාළුවානේ කියලා මං මුට ෆුල් සප් එක දුන්නා ලවු එක ගොඩ දා ගන්න.ඔහොම ටික කාලයක් ගියා.පස්සේ මු කෙල්ල හින්දා මා එක්ක තරහා උනා.ඒ සොඳුරු දවස හරියටම අද.අපි දෙන්නා එකට කෑවේ බිවුවේ. අවාරේ සිරිපාදේ ගිහින් දෙන්නා එක බුරුසුවෙන් දත් මැද්දා.එක බෙඩ්ෂිට් එකට ගුලිවෙලා හීතලට නිදා ගත්තා. අපේ වචනෙන් කිවොත් උඹ කි #$%^& හින්දා ගෙම්බෙක් උනා කියලා මට කියන්න බැහැ මචං.සමහර විට උඹේ කෙල්ල කියන්න ඇති ඔයාගේ බේබදු යාළුවගේ ඈත් උනොත් මං උයා එක්ක හැමදාටම ඉන්නවා කිලා. උඹේ සතුට මගේ සැපතයි මචං.එත් උඹට කවද හරි මාව ඕනේ වෙනවා කින එක මතක තියා ගනින්.
මං බිපුවාම කර ගහන්න හිටිය උන් තුන් දෙනා ක්‍රමක් ක්‍රමෙන් ඈත් උනා.අද සිද්දියත් එක්ක යාළුවො ඇත්තටම ඕනෙද කියලත් හිතෙනවා.
මට ඉස්කෝල කාලෙදි වගේම, . ක්ලාස් එකේදී, කැම්පස් එකේදී, හොස්ටල් එකේදී සෙට් වුන අයගෙන් අදටත් මාත් එක්ක හොද මිනිස්සු ටිකක් ඉන්නවා.නමුත් මට අදටත් උන්වත් තේරුම් ගන්න බැහැ.යාලුවෝ අනිවා අපිට ඕන ..අපිට සමහර දේවල් තනියම කරගන්න බෑ ! සමහර යාලුවෝ බොක්කෙන්ම. සමහරු ..යටින් ගේම දෙන්න බලං ඉන්නවා . හොඳ යාලුවා මොකාද කියලා අපිට මූනෙන් අඳුරන්න බෑ !ඇසුරු කරලමයි දැනගන්න වෙන්නේ ...
ගලාගෙන යන මේ ජිවිතේ දී ඉස්සරහට තවත් යාළුවො දහසක් දෙනෙක් මුණ ගැසේවි.අද හම්බ වෙලා හෙට වෙන් වෙයි.හමුවුනොත් වෙන් වෙන්න සිද්ද වෙනවා වෙන් වෙනවා කියන්නේ නැවත හමු විමක ආරම්බයක්.
~ තමන්ට තමන් විතරයි ඉන්නේ කියා මතක තබා ගත යුතුය ~


~~ හමු වන්න ආයේ නම් හැකි වෙන්නේ නෑ ඉතින් ~~


හැම අරම්භයක් කෙළවරම අවසානයක් තියෙනවා .ඒ වගේමයි හැම අවසානයක මුලම ආරම්භයක් තියෙනවා . හමුඋනොත් වෙන් වෙන්න සිද්ද වෙනවා වෙන්වීම කියන්නේ යලි නැවත හමුවීමක ආරම්භයක්.
ඇත්තටම වෙන් වීමත් එක් වීමත් හැර ලෝකයේ තවත් දෙයක් නැද්ද කියලා ඇහුවොත් ටිකක් සරල උනාට ප්‍රකාශය ගැඹුරින් හිතන්න වෙනවා.



ඇත්තටම ලෝකයේ තියෙන්නේ යාම් ඉම් පමණයි.එකතු වෙනවා වෙන් වෙනවා.සියලුම ප්‍රේම කතා වලත් තියෙන්නේ එකතු වීම හා වෙන්වීම.එකතු වීම් බොහෝ වෙලාවට සතුටක් ගෙනත් දෙනවා මෙන්ම වෙන්වීම සදාතනික දුකක් ගෙන දෙනවා.හැබයි ජිවිත වල අපි පුරුදු වෙලා තියෙනවා දුක උනත් සතුටු විදිහට අත්විඳින්න.විශේෂයෙන් ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන අය සමහර වෙලවාට දුක හිතෙන දේවල් උනත් සතුටින් විඳ දරා ගන්නවා මොකද ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්‍රයක් නිසා.ඇත්තටම ජිවත් වෙනවා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කිරීම විතරක් නොවේ. ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් එහාට ගියේ දෙයක් තමයි , එතැනදී ජීවිතය එක්තරා ආකාරයකට ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන එකක්. කාගේ හෝ ජිවිතයක් සාර්ථක වෙනවා කියලා අපි කියන්නේ ජීවිතය නම් වූ සංකීර්ණ ප්‍රශ්න පත්‍රයට ඉතාම හොඳට ලස්සනට උත්තර ලියන්න වීමයි.
පෙම්වතෙක් අහනවා වෙන් වූ පෙම්වතියගෙන් ඔබේ එකතු වීමත් ඔබේ වෙන් වීමත් මට හීනයක් වගේ තමයි.හැබැයි ඔබ වෙන් උනාට පස්සෙත් ඔබෙන් අහන්න මට එකම එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා . ඒ තමයි ඔබ දන්නවාද ඔබට තිබුන ආදරේ තාමත් තියෙන ආදරේ පිළිබඳව ඔබ හැරී වැටහීමක් තිබුනද කියන එක සම්බන්දව වෙන් උනාට පස්සෙත් මට ගැටළුවක් තියෙනවා.මොකද ආයේ අපි කවදාවත් හමු වෙන එකක් නෑ.හමුවෙන්න නම් ආයේ හැකි වන්නේ නැහැ ඉතින්.මොකද අපි වෙන් වෙලා ඉවරයි . වෙන් උනාට පස්සේ ඒ වෙන් වීමේ රිදුම ආපහු එකතු කරන්න ටිකක් අමාරුයි .මොකද අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන්.අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන් නම් එක දන්නේ අපි දෙන්නා විතරයි නේ.
ඉතිං වෙන් වෙලා කඳුළු සල සලා හිටියත් දැන් මේක උපේක්ෂාවෙන් විඳ ගන්න සිද්ද වෙලා තියෙනවා .අපි හැමෝටම ඇස් වලින් එන කඳුළු සතුටක් කර ගන්න වෙනවා.



~ ජීවිතයට තුන්වැන්නෙක් එපා ~



ජීවිතය අඳුරුයි , අඳුරු වන මුත් සොඳුරුයි .සොඳුරු බව රුදුරුයි රුදුරු බව නැති දිනය නුදුරුයි .


ජීවිතයේ අඳුරු තැන් වලත් සොඳුරු තැන් කවියන්ට දකින්න පුළුවන්. අඳුරු මතකයක් උනත් සොඳුරු විදිහට මතක් කරන්න කවියන්ට පුලුවන්නම් ඇයි අපිට බැරි .අඳුරු මතකයන් උනත් සොඳුරු විදිහට මතක් කරද්දී ඈස් අගට කඳුළු වෙනුවට සිනහවක් එයි අපේ මුවට.
කවදාවත් අමතක කරන්න බැරි ප්‍රථම ප්‍රේමයත් ඒ වගේ . හිතට අඳුරු වේදනාවක් ඒවි ඒ සොඳුරු මතකයන් මතක් කරද්දී . හැබැයි ඒ අතීතේ කොච්චර සුන්දර මතකයන් හැංගිලා තියෙනවද කියලා හිතෙද්දි සමහර විට ඔබේ ඇස් අගට කඳුලක් එනවා වෙනුවට ඔබේ මුනට හිනාවක් එවී . අඳුරු තැන් වලත් සොඳුරු දේවල් හැංගිලා තියෙනවා ගොඩක් .
පෙම්වතා දුර ඈත රටකට හෝ ස්ථාන මාරුවිමකදී පෙම්වතියගෙන් වෙන් වෙන තාවකාලික වෙන්වීමක් වුනත් සමහර වෙලාවට ජිවිතේ පුරාම ඒ රික්තකය හිස් තැන ඒ පාළුව මකා ගන්න බැරුව යනවා ඇත්තටම අපේ හිත හුදකාලාවේ පාළුවේ තියන්න හොඳ නැහැ , අඩු ගානේ හිතත් එක්කවත් ගනුදෙනු කරන්න ඔනේ . මොකද හිතේ හිස්තැනක් තිබුනොත් එහෙම ඒ හිතේ හිස්තැනට වෙනත් කෙනෙක් රිංගන්න ඉඩ තියෙනවා . හිත හිස් වන හැම විටම මේ හිස්තැනපුරෝ ගන්න උත්සහ කරනවා . ඒ නිසා හිත හරියට වායුවක් නැති රික්තකයක් වාගේ තියා ගන්න බැරි තැනක් . පුංචි කාමරයක රික්තකයක් හැදුනොත් එහෙම ජනේලයකින් හෝ දොරපියනකින් හෝ වහලෙන් හරි වායුව ඇවිල්ලා , සුලඟ ඇවිල්ලා සිතල ඈවිල්ලා මේ කාමරයේ පුරවන්නට ඉඩ තියෙනවා . ඒ නිසා අපි හිත හිස් කර ගන්නට හොඳ නැහැ .
හිත සිතුවලි වලින් හිස් කර ගන්න මොහොතේම ඒ හිස්තැන පුවරන්නට තුන්වැන්නෙක් බලාගෙන ඉන්න බව මතක තියා ගන්න ඕනේ . තුන්වැන්නෙක් බොහෝ වේලාවට හිස්තැන පුරවන්නේ අනෙකාගේ ජිවිතයේ හිස්තැනක් තියෙන බව ඔහුට ඇස් වලින් මුහුණෙන් ඉඟියෙන් ඉරියවු වලින් දැනුන මොහොතේම තුන් වැන්නා උත්සහ කරනවා හිස්තැන පිරවීම සඳහා.දෙදෙනෙක් පුරවන්න ඕන හිස්තැන් තුන්වැන්නෙක් විසින් පුරවන්න උත්සහ කරනවා කියන්නේ අපි ජීවිතයේ සාකච්චා කරන ගැටුමක අර්භුදයක ප්‍රශ්නයක ආරම්බය සිද්ද වෙනවා.