Wednesday, February 18, 2015

~ හුදකලා බව ~






හුදකලා වෙච්ච ගම්මාන ප්‍රසිද්ද කරන්න එපා. ගිහින් බලලා ඇවිත් ඒ රස තවකෙකු සමග විඳිය යුතුයි , නමුත් එය අතිශයෝක්තියෙන් විවේචනයට ලක් කිරීම ඒම ග්‍රාමීය මිනිසුන්ගේ ජිවිතයට යම් තර්ජනයක් ඇති විය හැකි.එම ගම්මාන හැම දාම ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි කියන එක නොවේ මගේ අදහස.මං මාවත් ඒ ඒ ගම්මනට වලටද ලැබිය යුතුය. පාසැල් ඉදිවිය යුතුය.එම ගම්මාන වලටත් තාක්ෂනය හිමි විය යුතුය.හුදකලා බවෙන් එලියට පැමිණිය යුතුය. මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව ජාතික සවිය – ගම නැඟුම වැඩසටහනේ දර්ශනය වන “ගම ජාතික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම” සඳහාත් නිල්ල පිරුණු සමෘද්ධිමත් ගමක් නිර්මාණය කිරීම හුදකලා උන ගම්මාන වලටත් හිමිවිය යුතුය.ආසියාවේ ආශ්චර්ය මෙම ගම්මාන වලටත් දෙන්න ඕනේ. දුන්නා වගේ නෙමේ. එහි බලපෑම් ශෝක ජනකයි. මොහොතක් හිතන්න “ගම ජාතික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමෙන් ” දඹානෙහි වර්තමාන තත්වය.වැද්දා අඹුඩයද මාකට් කළා. සංචාරකයන් දඹානට යනකොට සරම ඉවත ලා වැද්දා කොළ අතුවලට සමු දී අඹුඩය ගසා ගනී. කොළ අතු අත හැර අඹුඩය ගසා ගැනීම නොවේ මෙහි ශෝකජනක බව. ඊට එහා ගිය දෙයක් එහි තිබේ.දඹානෙහි එදා තිබු ග්‍රාමීය බව අද දැක ගන්නටද නැත.
සුරිය අරනින් පසු හුදකලා උන ගම්මානයක් කරලියට ආවේය. දුම්බර මිටියාවතේ සැඟවුනු මීමුරේ ගම්මානයයි. පසු කාලීනව එහි කඳවුරු බිම් කීපයක් ඉදි උනි.සංචාරක තෝතැන්නක් බවට පත් විය.බොහෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විසින් ප්‍රකාශ කර සිටියේ මීමුරේ ව්‍යාපාරිකයන් අතින් එය පිරිහී යන බවය. නමුත් එහි වර්තමාන තත්වය ඔවුන් පවසන පරිදි නොවේ. බලපෑමක් යම් තාක් දුරට තිබේ. මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව ජාතික සවිය – ගම නැඟුම වැඩසටහනේ දර්ශනය වන “ගම ජාතික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම” සඳහාත් නිල්ල පිරුණු සමෘද්ධිමත් ගමක් නිර්මාණය කිරීමේ අරමුණින් මීමුරේ ප්‍රදේශයේ කමර දහසකට අධික හෝටල් සංකීර්ණයක් නුදුරු අනාගතෙදීම ඉදි වේ.මෙම ගම්මාන වලට අත් වන ඉරණම අපට සිතා ගත හැකිය.

මෑත කාලයේ ප්‍රසිද්ද වෙමින් පවතින තවත් ගම්මානයක් නම් බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩොල්සිම ග්‍රාමනිළධාරී වසමේ කොහොනාවල ගම්මානය. ඔබ මා නොදන්නවා උනාට මේ පුංචි රටේ අතිරමණිය ග්‍රාමීය ගම්මාන බොහෝ ඇත.ඔබෙත් මගෙත් තෘප්තියක් ලැබීමේ පරමාර්ථයෙන් මෙවැනි සොඳුරු ස්ථාන සොයා සංචාරයේදේ. අප විසින් පසු කාලීනව කරන්නා වූ යම් යම් ක්‍රියාදමයන් හේතු කොට ගෙන මෙවැනි ගම්මාන වලට හා එහි ජිවත් වන මිනිසුන්ගේ ජිවිත වලට තර්ජනයන් ඇති වන්නේ දීර්ග කාලයකට පසුවය.

මොහොතක් සිතන්න.

No comments:

Post a Comment