Saturday, September 27, 2014

විවාහය හා සිහිනය



මෙය නම් කාමරයකට කොටු වූ ඒකාකාරී දුක්කිත ජීවිතයකි . සති අන්තයේ උදේ 8 ට 9 ට විතර අවදි වී නැවත දහවල් ආහාරයට අවදි වීමට පුරුදු වී අවසන්ය.හැඩි කෙරුණු කාමරය දුම් පිරුණු පාන් පෝරණුවක් මෙන්ය. මත් වතුර බෝතලයද ජිවිතයට උරුම වුනේ ඇයිද කියන්නට දෙන්නේ නැත.නමුදු කාමරයේ දහසක් බලාපොරොත්තු හා සිහින මාලිගා වලින් පිරි ඉතිරි ගොස් ඇත.අනෙක් මිතුරන් ගෙවල් බලා සිකුරාදා දිනයේ පිටවිය.

පාරට බැස්සේ දහවල් ආහාරයෙන් පස්සේ පොඩි රස්තියාදුවක් ගැසීමේ අරමුණ පෙර දැඩි කොටගෙනය.බර්සරිය හරි පොඩ්ඩයි.මාසිකව විශ්‍යවිදයලයෙන් ලබා දෙන බර්සරිය ඈරියස් සමග දින කිහිපයකට පෙර ලෑබුන බැවින් පසුම්බියද මුදලින් පොහොසත්ය.දුම් වැටියක් දල්වාගෙන ගළහ හන්දිය තෙක් අරමුණක් නොමැතිව ගමන් කලේය.නොසහෙන ගිණිකාශ්ටකය, වැහි පොදක් වැටි ගිනියම් වූ සිත නිවන්නට වැහි වැහි වලාකුලක් පෙන තෙක් මානයක නොමැත.දහවල් ආකාසයේ වලාකුලක් පෙනෙන්ට තිබුනද එක් කඩ ඉරක්වත් පෙනෙන්නට නොතිබුණි.

බසයක නැග නුවරට පැමිණි මා කොළඹ විදිය හරහ දළාදා විදියට පැමිණ අසල තිබු අවන්හලට ගොඩ වැදුනේ මත් වතුර පොදකින් සුර් වීමට සිතාගෙනය.මත් වතුර බෝතලය හිස් වන තුරුම අත්මයත් සමග පොර වැදුනේ කිමදැයි කියා මා අද වන තුරුම දන්නේ නැත. හොරා කිහිපයක් නොදැනුවත්වම අහවන්හලේ කාලය ගත උනි.සන්දයාවෙන් පසුව බටහිර අහසේ හිරු කෙමෙන් කෙමෙන් සැඟවී යන්නාත් සමග සැන්දෑ අඳුර රැගෙන රස්තියාදුව අවසන් කර නැවත හොස්ටලයට පය තබනවාත් සමග සිත බිත්ති හතරට කොටු විය.ඇඳිවතත් සමග ඇඳ මතට ගොඩ වුනු මගේ සිත අවු :2ක් පමණ ආපස්සට ගමන් කලේ මටත් නොදැනීමය.

පෙර දින ඈ සමග ආදරෙන් වේලි උන්න ආකාරය මගේ සිතේ දෝංකාර දෙන්නට මෙන් මැවෙන්නට විය.ඒ දවස ඇය සමග නිදහසක් ලැබුණු විගසම ගැටඹේ පන්සලට ගොස් මලක් පුදා බුදුන් වැඳ ඒ අසලම නිස්කලංක තැනකට යන්නේ නිදහසේ කාලය ගත කිරීමටය..... ඒ නිමේෂයන් සිහියට නැගෙන විට ඇසෙන් කඳුලක් කඩන් වැටෙන්නට බසුබට නොවන්නේය.ඈ එදා මට දුන් සියලු පොරොන්දු සිහිනයක් පමණි.ඒ සියල්ලම යටපත් කරගෙන හදවතට දැනුනු අමුතුම හැඟීම් ,පාළුව හෝ තනිකම විය යුතුයැයි අනෙක වාරයක් සිති ඇත.

ආදරය වේදනාව දුක කඳුල සොම්නස තනිකම පාළුව සෑම මිනිසේකුම විඳිය යුතුය. මා සිතන්නේ මා ඕනෑවටත් වඩා විඳින බවකි. වම්බටු පරිප්පු එක්ක බත් කටවල් දෙක තුනක් ගිල දුම් වැටියේ සුවඳ බැලූ මා නැවත ලෑලි ඇඳ මතට ගොඩ උනි. රුපවාහිනියක් , ස්මාට් දුරකතනයක් .හෝ පරිගණකයක් නොමැති මගේ දුප්පත් කාමරයේ මාගේ තනි කම පාළුව මකන්නට සිටින්නේ පොත්පත් කිහිපයක් හා අම්මා අරන් දුන් පරන ජංගම දුරකථනය පමණි.නින්දත් නොනින්න්දත් අතර සිටි මා හට චිත්ත රූප එකින් එක මැවේන්නට විය.ඇය මා සමග ගත කල කාලය දම් වැලක පුරුක් මෙන් එකිනෙක පෙනෙන්නට විය.සියලු භාදක ජයගෙන කෙදිනක හෝ ඔබ මාගේ ස්වාමි පුර්ශ්‍යා විය යුතුය කියා ඔබ කිවූ ඒ සුන්දර වචන ටික අදටත් දෝංකාර දෙන්නේය.

කාලය අපි දෙන්නට සරදම් කරන්නට විය.අද ඈ හා මා දේතැනකය .කැම්පස් ජිවිතයට සමු දී ඔබ මෙරට අතහැර වෙනත් රටක් කරා ගමන් කලේ වැඩි දුර අධ්‍යාපනය සඳහාය.ඈ මාගෙන් වෙන් වී ටික දොහක් යන්නට කලියෙන් ෆැකල්ටියේම ජෙෂ්ට සිසිවෙක් වෙත සිත ඈදී ගියේය.ඈහට ඔහුගෙන් ආදරය හා සෙනහස නොවඩුව ලැබුණි.ඔහු දැන් පේරාදෙණිය රෝහලේ පුහුණු වෙමින් සිටියදී පසුගිය දින මට මුණ ගැසුනේ අසනිප වී රෝහල් ගත වූ අවස්ථාවේය. ඔහු ඇගෙන් වෙන් ඌ බව මා දන්නේ එවිටය.මා දෙලොවක් අතර තනිවිය. රෝහලෙන් පිටව යන්නට නියමිතව තිබියදී මා ඇගේ පෙර දිනයේ පෙම්වතාගෙන් ඇගේ දුරකථන අංකය ඉල්ලා ගත්තේ සිතේ මල් පොදී බැඳගෙනය.ඔහුද නොපැකලි නම්බරය දුන්නේය.

ඇය මා හා දැන් ඉතා සුහදය. දින කිහිපයකට සැරයක් ඇය මා අමතයි.ඈගේ ආදරය සෙනෙහස මා හට දැන් දැන් නොඅඩුව ලැබෙමින් තිබේ.ඇගේ ආදරය නැවත මට ලැබෙන බව මා දන්නේය.දින සති මාස අප දෙදෙනාට නොදැනි ගමන් කරමින් තිබුණි. සති කිහිපයකට උඩදී ඇය කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට නැවත පැමිණියේය. එ පැමිණීම ඇගේත් මගෙත් ජිවිතයේ පෙරලියක් කරන්නට සමත් විය. අගේ අර්ධනාවෙන් අප දෙදෙනා දින දෙකකට පෙර විවාහය හදිසියේ ගිවිස ගත්තේය. දළදා මාලිගාවට හා ගැටඹේ විහාරයට ගිය අප දෙදෙනා භාරවී වී සිටි සියලු භාර ඔප්පු කළේය.මෙය හදිසියේ සිදු වූ දෙයකි.මන්ද ඇය ලබන සතියේ නැවත මෙරටින් යන නිසාවෙනි. මිතුරන් තියා අම්මා තාත්තා පවා දන්නේ නැත.ඔවුන්ට කියන්නටද කාලයක් නොතිබුණි.

දුරකථනය නාද වීමත් සමග ඈහෑරුනි.පියවි සිහියට අවේ ඒ මොහොතේය.මා මේවනතෙක් දුටුවේ සිහිනයක් බව වැඩි වෙලා නොගොස් තෙරුන් ගැනුනි.මේ සිහිනය කවදා හෝ ඔබලාගේ ආශීර්වාදය මත සිහිනයක් නොවනු යැයි මගේ සිත දනී.නමුදු ඈ මා හට උරුම නැත.මාද ඇයට උරුම නැත.ඇයට ලංවිමටද උත්සහ කරන්නේ නැත.සියල්ල කාලයට භාර දී බලා සිටිමි.

Engaged 

ඔබ සියලු දෙනා සුභ පැතුවේ මා පෙර දිනයක දුටු සිහිනයටය.

හදවතින්ම ස්තුති කරමි සුභ පැතුම් වලට ..........!