Monday, August 18, 2014

එහෙත් පුද්ගල ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාව පිණිස ඒවා පිළිබදව මනා දැනුමක් ලබා තිබීම වටී....

මා පසුගිය දින උපත් පාලන කොපු පිළිබදව සවිස්තරාත්මකව බුකියෙහි පල කල විට බොහෝ දෙනා කොටු වී සිටින පුහු සංස්කෘතික රාමුවට හානියක් මා සිදු කළ බව සිතා ගෙන සිටී..නමුත් යතාර්ථය නම් කොපු පිලිබදව කතා කරන්නට අකමැති ඔවුන් එවා නිරන්තරයෙන් පරිහරණය කිරීමයි... රිද්ම ඇත්තටම කියන්න ඕන ටික සිංහලෙන්ම කිවා. අපි අතරේ කියක් නම් දෙනා ඉන්නවද ෆාමසි එකට ගිහින් කටක් ඇරලා උපත් පාලන කොපුවක් ඉල්ලන්න බැරි මිනිස්සු.ඒවා කා සමග සංසර්ගයේ යෙදීමට යොදා ගත්තද මට කම් නැත. සමහරු ස්ටේටස් එක දැක්කම මාව අන්ෆ්රෙන්ඩ් කරලා තිබ්බා . හේතුව ඇහුවම කිවේ උඹ අර දාන කුණු හරප මොනාද කියලා . එත් ඔහු ඔහුගේ ආදරවන්තිය , සහකාරිය සමග මාසෙට දෙතුන් වතාවක්වත් ලිංගිකව එකතු වෙනවා ඇති . උපත් පාලන කොපුව ගේන්නේ ආදරවන්තිය වෙන්න ඇති .

එහෙත් පුද්ගල ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාව පිණිස ඒවා පිළිබදව මනා දැනුමක් ලබා තිබීම වටී..එයින් සිදු වන ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදු වන්නේ මේ සංස්කෘතික රාමුවට කොටු වී සිටින ස්ත්‍රියයි.. එතනින් එහාට ගියහොත් ලිංගික ඇසුරේදී අනාරක්ෂිත වීමෙන් ස්ත්‍රිය ගර්භනී වෙන්න පුළුවන් . පිරිමියාගේ උත්සාහය දරු උපත ගබ්සාවක් මගින් අයින් කරන්න . එත් ගර්භනී මව ඊට විරුද්දයි . පිරිමියාගේ වෑයම මවයි දරු ගැබයි දෙකම විනාශ කරන්න . එම නිසා පුරුෂයා මේ පිලිබදව වගකීම බාර ගත යුතුය..නැතහොත් එයිනුත් සිදු වන්නේ ස්ත්‍රිය පීඩාවට පත් වීමය..ඒ ඔස්සේ තවත් නොයෙකුත් සමාජ ප්‍රශ්න නිරිමාණය වේ ...එහෙයින් උපත් පාලන කොපු සහ ඒවා භාවිතය පිළිබදව කාන්තා පිරිමි දෙපාර්ශවයම දැනුවත් විය යුතුය..එය සංස්කෘතිය විනාශ කිරීමක් හෝ අධම වැඩක් නොවේ..ගැහැණු පිරිමි ලිංගිකව එක් වීම අසාමාන්‍ය හෝ ලැජ්ජා විය යුතු දෙයක් නොවේ..ලිංගිකත්වය මනුෂ්‍යයාගේ ස්වභාවික අවශ්‍යතාවයකි..මාගේ එම ලිපිය පළ කිරීමේ අභිප්‍රාය වූයේ එයයි...

පෙරදින පල කරන ලද පොස්ටුව - https://www.facebook.com/janith.umindu/posts/611898088908740

&

https://www.facebook.com/janith.umindu/posts/611970798901469

----------------------------------
උපත් පාලන පෙති වර්ග
----------------------------------

මිතුරි - දවසට එක බැගින් මාසෙට 30 ක් බොන්න ඕනේ . පෙති 30 කාඩ් එකක් එන්නේ.

Postino one - පැය 72 ක් ඇතුලත බොන්න ඕනේ.එක ටැබ්ලට් එකයි.

Postino two - පැය 72 කලින් බොන්න ඕනේ .අවශ්‍ය නම් අනිත් ටැබ්ලට් එකත් බොන්න ඕනේ .ටැබ්ලට් 2 යි කාඩ් එකේ .

Misapeatrol - මාස තුනක් , 4 ක් වුවත් ප්‍රතිපල ලැබෙනවා . යෝනි මාර්ගයෙන් ඇතුල් කරන්නයි මෙම ටැබ්ලට් එක තියෙන්නේ . සිමිත දොස්තරලා කිහිප දෙනෙක්ගෙන් පමණයි මෙය ගන්න තියෙන්නේ . ගබ්සා ගණයට අයත් වේ .

* ( මිට අමතරව තව වර්ග තිබේ . මා දන්නේ ඔපමනයි )

---------------------------------------------
උපත් පාලන කොපු වර්ග
---------------------------------------------

ප්‍රීති උපත් පාලන කොපු
ප්‍රීති සුපර් (Preethi Super
රෆ් රයිඩර් (Rough Rider
ලයිෆ් ස්ටයිල් ලවු කොන්ඩම් ( Life Style Love Time Condoms)
ලයිෆ් ස්ටයිල් සෙන්සිටිවූ කොන්ඩම් (Life Style Sensitive Condoms)
ලයිෆ් ස්ටයිල් බෙරි මිශ්‍ර කොන්ඩම් ( Life Style Mixed Berry Condoms)
නයිට් රයිඩර් (Night Rider
පවර් ප්ලේ ( Power play)
ස්ටමිනා (stamina )

ඩුරෙක්ස් වලින් ඔය ඔක්කොම ජාති තියෙනවනෙ එක බ්‍රෑන්ඩ් නේම් එකක් යටතෙ ..

Durex Extra Safe
Durex Latex Free
Durex Tingle Me
Durex Excite Me
Durex Tickle Me
Durex Taste Me
Durex Pleasure Me
Durex Thin Feel
Durex Ultra Thin Feel

ඔය ටයිප්ස් ඇතුලෙත් වෙනම කැටගරි තියෙනවා උදාහරණයක් විදියට

Durex Taste Me ටයිප් එකේ එක එක ෆ්ලේවර් තියෙනවා .. බනානා , ස්ට්‍රෝබෙරි , මින්ට් . යන අදී වශයෙන් ..

No comments:

Post a Comment