Wednesday, May 13, 2015

~ ඉලන්දාරි මං තනිවම හොර රහසේ ඈඬුවා ~





පිරිමි අපි වැඩිපුර අඩනවා දැකලා නැහැනේ . ඒ නිසා ඇත්තටම ලෝකේ බොහෝ දෙනෙක් හිතනවා ඇති පිරිමි අඬන්නේ නැතුව ඇති කියලා . ඒ ගොල්ලන්ට ගල් හිත් තියෙන්නේ කියලා හිතන් ඇති . මං දන්නා තරමට හැම වීරයෙක්ම තනි උනාම අසරණයි .මං දන්න බොහෝ යාළුවො ආදරය ඉස්සෙරහා අසරණ වෙලා බොළඳ වෙලා අඬලා තියෙනවා . මම හිතන්නේ ගැහැණු ප්‍රසිද්ධියේ අඬනවා නමුත් පිරිමි අප්‍රසිද්ධියේ අඬනවා. පෙම්වතා කියන්නෙත් එහෙම එකෙක් .කොල්ලෙක්ගෙන් පෙම්වත්තෙක්ගෙන් සහෝදරයෙක්ගෙන් අහලා බලන්න අසරණ උන වෙලාවක අඬලා නැද්ද කියලා . හුඟක් පිරිමි ප්‍රසිද්දියේ අඬන්නේ නැත්තේ ලජ්ජා නිසා . ඕනෑම පිරිමියෙක් අඬලා තියෙනවා අනිවාර්යෙන් . හැබැයි හොරෙන් තනිවම . කොල්ලෙක් සහෝදරයෙක් පෙම්වතෙක් කුමක් හෝ හේතුවක් මත ප්‍රසිද්ධ ස්ථානයක අඬන්න උනොත් ඔහු කොච්චර මානසික පීඩනයකට ලක් වෙනවා ඇතිද .ඒ පීඩනය ලෑජ්ජව සමහර විටෙක කෙල්ලෙක්ට ගැහැනියකට දරා ගැනීමට ශක්තියක් තිබෙනවා ඇති .ගැහැණු මතක තියා ගන්න ඕනේ පිරිමිත් අඬනවා ප්‍රසිද්දියේ නෙමේ රහසින් කියලා.




භුකියේ ලිංකුව  - https://www.facebook.com/janith.umindu/posts/741052325993315?pnref=story