Monday, November 3, 2014

අරක්කු සිගෑරට්





මම අරක්කු සිගෑරට් පට්ට විරෝදී , ඒ අවුරුදු 6 ට විතර ඉස්සෙල්ලා. අපේ උන් සිගෑරට් බොනකොට මං බකට් එක දාන්නේ.මාව උන් අන්තිමට කැපුවා උන්ට සිගෑරට් නිදහසේ බොන්න බැරි නිසා. කාලයාගේ අවෑමෙන් මාත් ඔය දේට ඇබ්බැහි  උනා , නැහැ  ඇබ්බැහි කියන්න බැහැ වහල් උනා.යාළුවො පස් හය දෙනා  එක්ක සිගෑරට් එක බෙදාගෙන බීවා.මාර ලල් එක කියලා හිතං උන්නේ. ඒ දවස් වල රූ 6.50 හෝ 7 යි සිගෑරට් එක. කාලයාගේ අවෑමෙන් බියර් බෝතලේට අරක්කු බෝතලේට වැටුනා.ටෙක්නිකල් යන්න පටන් ගත්ත  කාලේ සතියට දවසක් දෙකක් කොටුවෙන් බියර් එකක් බොන එක පුරුද්දක් උනා. හොස්ටල් හිටිය කාලේ සතියට දවස් 3 ක් අනිවාර්යෙන් හොස්ටල් එකේ පාටි.ගෙදර ඇවිල්ලා හොස්ටල් එකට යන අතර මගින් බියර් එකක් ගහලා අරක්කු බෝතලයක් හොස්ටල් එකට අරං ගියේ අම්මා යාළුවො එක්ක කන්න කෙහෙල් කොලේ ඔතලා දුන්න බත් මුල එක්ක, එ බත් මුලේ අම්මගේ දහසක් බලාපොරොත්තුත් තිබ්බා.ඔය කාලේ වෙනකොට මං අරක්කු බෝතල් බාගේ වෙනකම් බොන්න හැකි ගානට පදම් වෙලා.පමණ ඉක්මවා ගිහිං වමනේ දාපු දවස් අනන්තවත් තිබ්බා. වැඩි උන දවසට හොස්ටල් එකේ බිත්තිය බදන් හිතන්නේ ආයි බොන්නේ නැහැ කියලා දවසයි දෙකයි.හොස්ටල් ජීවිතේට සමු දීලා ගෙන්දගම් පොලවේ ජීවිතේට ආයි අවා.
මචං එක තමා ඊළඟ තිත්පල උනේ. ඉරිදට පංති පටන් ගන්න පැය දෙකකට තුනකට ඉස්සෙල්ලා ගෙදරින් ගිහින් පන්තිය ඉස්සරහා රෙස්ට්ටුරන්ට් එකෙන් බියර් බෝතල් දෙකක් ගහලා තමා පංති යන්නේ.ආආආ අනික් දේ හොස්ටල් හිටිය කාලේ දවසට සිගෑරට් පෙට්ටියක් ම බීවා. 25 , 30 බීපු දවසත් තිබ්බා.කොළඹට අවාම එක පට්ට ලිමිට් උනා.හොස්ටල් ජීවිතෙන් පස්සේ කබරයා දැම්මේ එකම එක දවසයි අද වෙනකම්. හරියටම ඒ 2014.ජුලි.13. ඒ මිතුරෙකුගේ උපන් දින සාදයකදී සුර් වෙලා. පාටියට ගියේ 5 ට විතර එදා උදේ ඉඳන්ම බීවා. බියර් බෝතල් 4 ක් විතර විටින් විට බීවා. බිලා යාළුවගේ පාටියට ගිහින් බෝතලයකට කිට්ටු වෙන්න ගැහුවා. දෙහිවල ඉඳන් ගෙදරට එනකම් හතර පස් පාරක් වමනේ ගියා.ඒදා අදිටන් කර ගත්තේ ආයි බොන්නේ නැහැ කියලා.නමුත් ෂොට් එකක් දෙකක් දාපු දවස් අතේ ඇඟිලි ගානටත් වැඩි.
අරක්කු  මං ඉස්සර හොඳට ගැහුව එකෙක් දැන් නොගෑහුවට.මට මේ ගැන කතා කරන්න මහා හුඟක් දේවල් තියෙනවා. නමුත් අවාසනාවකට ඒවා කතා කරලා වැඩක් නැහැ.භය නැතිව කියන්නේ එකයි.හැබැයි 8% ට වඩා  මධ්‍යසාර නැත්නම් එය මත්පෑන් ගණයට වැටෙන්නේ නැහැ.
ශ්‍රී ලංකාව සාරධර්ම වලින් පිරිච්ච පවුල , ගම පන්සල කියන සුන්දරත්වයෙන් උතුරා ගිය ආසියාවේ නොව මුළු ලෝකයේම ආශ්චර්යය වෙච්ච රටක්.මේ දැන් ඉන්න දේශපාලන හැත්තට මෝල් , මුන් ආශාචර්ය ගැන මෝල් කියවනවා.
මං අහලා තියෙන විදිහට 1815 ට ඔන්න මෙන්න හරියටම දන්නේ නැහැ.සුද්දට අපේ මුතුන් මිත්තෝපරාජය කරන්න බැරි කාලයක අපේ සම්බන්ධතාවය ,සහයෝගය සහ හිතවත්කම සුද්දට දරාගන්න බැරි වෙලා තියෙනවා.සුද්ද කල්පනා කරලා අපුරු තීරණයක් අරං මොකක්ද ...? අපේ සියලාට අරක්කු පොවන්න.සුද්දගේ වැඩේ තිතට නැගලා ගියා,නිකන් අරක්කු බීපු අපේ උන් සල්ලි වලට බොන්නයි පෙරාගෙන බොන්නයි පුරුදු උනා."එළමකිරි"  සමයෙන් සතුටෙන් සහජීවනයෙන් පිරිච්ච කැදැල්ලට කේලම වෙලා ගියා.
දැන් නම් නෑදෑකම් යාළුකම් නෑ.කට්ටිය සෙට් වෙන්න නම් බෝතලයක් ඕනෙමයි.

සුද්දා දුන්නා වගේ තමයි ම‍ටත් දුන්නේ.මං දැන් ලාවට වගේ පසු තැවෙනවා . එකත් ලාවට :/ .
අපි අතරේ ඉන්නවා අරක්කු සිගෑරට් බොන්නේ නැති උන්.අනේ මචං අරක්කු සිගෑරට් පාවිච්චි කරන උන්ටයි කියන්නේ එහෙම උන්ට බොන්න දෙන්න එපා. උට බොන්න හිතුනොත් ඌ බෝයි. නමුත්  උඹලා දෙන්න එපා.එහෙම උන් අන්තිමට ලෙල්ල හුටං වෙන්නම ගහනවා.බෝතලේ ආත්මේ කර ගන්නවා. පොඩ්ඩක් උඹ ගැන හිතපන්. හිතලා සමාජේ ගැනත් හිතපන්. බීපන්  බොන්න එපැයි කියනවා නෙමේ. තමන්ගේ මට්ටම දැනගෙන බීපන්.

 සුරාමේරය මඡ්ජපමාදට්‌ඨානා වේරමණී සිඛාපදං සමාදියාමි
මං සුපිරියටම ගහපු එකෙක් නේ.එත් දවසක් මට මේ ගාථාවේ තේරුම තේරුනා ,ඒ  අහම්බෙන් පොඩි ෂොට් එකක් දාලා ඉන්න වෙලාවක ධර්ම සාකච්ජාවකදිමයි ....



" සුරාපානය ප්‍රමාදයට හේතුවයි "


අරගල

අරගලයක් කරන්න මොලේ ඕනෙ
ආවේග තිබුණට බෑ බං
යමක් ලියනවානම්, ඒක දැනෙන්න ලියපන්
විප්ලවයක් අරගලකරන්න ඕනෙනම් අපක්ෂපාතී වෙයන්
ඒ විප්ලවය තනියෙන් කරන්න බෑ,
ජනතාව ඕනේ විප්ලවයට
ඉස්සරවෙලා මේ සමාජ ක්‍රමය අඳුරගෙන හිටහල්ලා
ජනතාව නිකං අපි ලගට එන්නෑ
රෝහන විජේවීර, චේ ගුවේරට ජනතාව නිකං ලං වුනෙ නෑ
උපතින් ජනතාව අරගෙන ආවෙත් නෑ.
ඒ මිනිස්සු ගේම ගැහුවේ මොලෙන්නේ
නිකං දගලලා ඒක කරන්න බෑ
බොදුබල සේනාවත් නාගන්නවා
මොළෙන් ගැහුවනම් ඔයිට වඩා ගොඩ
බලපං මහනිදගෙ ගේම
මහින්ද කෑ ගහලා දගලන්නෑ
මොලෙන් දෙන්නෙ
ඒක තමයි ගේම කියන්නෙ
වැඩේ කොච්චර සාර්ථකද බලපං
අනිත් එවුන් පොරගෙ අහලකවත් නෑ
මේ යන ක්‍රමය අඳුරගනින් ඉස්සරවෙලා
මිනිස්සු එකතු කරපං එකා දෙන්නා
හැබැයි අරමුණ යහපත් වෙන්න ඕනෙ
නැත්නම් උඹට වෙන දේ උඹටම හිතාගන්න බැරි වෙයි
සුදු වැන් තමයි එන්නේ
නැහැ සුදු වැන් නෙමේ එන්නේ
ස්වභාවධර්මයා ඊට වඩා ප්‍රබලයි
රිටන් එක ඔටෝ ලැබෙනවා

කොන්දක් තිබිය යුතුය

මිනිහෙකුට විවෘත කතා කිරීමට කොන්දක් තිබිය යුතුය . බොහොමයක් ශ්‍රී ලාංකිකයන් තම පණ කෙන්ද ගැට ගසා ගැනීමේ අරමුණින් තම නිදහස පාවා දී ඇත ,තම ප්‍රතිපත්ති පාවා දී ඇත . කොටින්ම කියතොත් තම පිරිමිකම කෙලෙසාගෙන ඇත.සිරා පිරිමින් ඇති රටක යහපත් ගැහැණුන්ගෙන් පිරෙනු ඇත .

සියයක් ගැහැණු අබිභවා බස් රථයට ගොඩවී හරි බරි ගැසී ඉඳගන්නා පිරිමියා වයසක අම්මා කෙනෙක් බඩ දරු අම්මා කෙනෙක් දුටු විට නින්දට වැටේ ( බොහොමයක් ). සුරූපීතරුණියක් දුටු විට බැගය ඉල්ලා ගනී , නැතහොත් ඉඳ ගන්නට ආසනය පිරිනමයි . ඇගේ ස්පර්ශයට ලොල්ව තම අවයව ඇඟේ ඔබ මොබ වැද්දන පිරිමියා වන්දානා කිරීමට තරම් උත්තරිතරද .............?

පිරිමියා පවතින්නේ දිගු වුද සෘජු වුද ශිෂ්ණය මත යැයි කියා ලෝකයේ කථාවක් ඇත . මේකේ අදහස මා හිතන්නේ පිරිමියාගේ පිරිමි ශක්තිය තියෙන තාක්කල් පිරිමියෙකු ලෙස ජිවත් විය හැකි යැයි කියා වෙන්න ඇති . එත දැන් තත්වය භයානකයි .

මිට වෙනස් .

තව එකක් සෑම බඩු කාරයෙක්ම වැඩ කාරයෙක්ය , සෑම වැඩ කාරයෙක් බඩු කාරයේක්ය කියලත් කියනවා . වැඩ කාරයෙක් කියන්නේ ගැහැණු මණ්ඩලයක් එක්ක බුදියනවා කියන එක නම් නෙමේ . අධික ශුන්ගාරාත්මක මෙන්ම නිර්මානාත්මක සිතුවිලි තියෙනවා කියන එක . එහෙම බුදියන හැත්තකුත් ඉන්නවා . " එක එච්චර ගණන් ගන්න එපා " ඒ උන් වැඩ කාරයෝ නිසා නෙමේ . එක අසනීපයක් නිසා ........

තන්හා රතී රඟා


නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ සිනමා නිර්මාණයක් වන තන්හා රති රඟා සැවෝයි ඇතුළු සිනමාහල් රැසක ප්‍රදර්ශනය වේ මේ දිනවල. කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, නාමල් ජයසිංහ, දයාදේව එදිරිසිංහ, කමල් අද්දරආරච්චි, ස්වර්ණා මල්ලවාරච්චි, නිටා ප්‍රනාන්දු, අනෝජා වීරසිංහ, ඇඩම් ආදමලී ඇතුළු නළු නිළියන් පිරිසක් ඊට රංගනයෙන් දායක වේ.
කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල තිර රචනය කළ මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ධනුෂ්ක ගුණතිලකගෙනි. සංගීතය ගයත්‍රි සහ අනූෂා කේමදාස විසින් නිර්මාණය කර ඇත. නටාෂා ඩ්‍රීම් ගේ සම නිෂ්පාදනයෙන් සහ සම අධ්‍යක්ෂණයෙන් යුත් ‘තන්හා රතී රඟා’ නිෂ්පාදනය සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්. ඩී. ප්‍රේමසිරිගෙනි.
ලන්ඩනයේ ‘I Will Tell’ සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර වූ ‘තන්හා රතී රඟා’ මෙරට ප්‍රදර්ශනය සඳහා එක් වන්නේ ලොව පුරා සිනමා උළෙල කිහිපයකම ඇගැයුමට හා සම්මානයට පාත්‍ර වෙමිනි..
සිනමාහල් වලදී ප්‍රදර්ශනය කරන නවතම ඉංග්‍රීසි හා සිංහල චිත්‍රපටි එකක් නෑර නරඹා ඇත.තන්හා රතී රඟා පහුගිය කාලේ නරඹපු චිත්‍රපටි හා සසඳා බැලු කල මට නම් එය කර්ම වලින් පසු තිර ගත වූ හොඳ චිත්‍ර පටියකි.
යුධ ජයග්‍රහණයක් කියා මුළු ලෝකෙටම අඬබෙර ගසා හාල් මුට්ට ගනන් කිරි බත් මහා පාරේ උයා කෑ ජාතියකි අපි.නමුත් අප යුධ ජයග්‍රහණයක් සැමරුවේ නැත.අපි යුද්දයක් දින්නේ නැත.යුද්දයක් අවසන් කළා පමණය.
මිනි මරලා කිරිබත් කාපු එකම ජාතිය අපි වෙන්නට පුළුවන.ඒ බව ව්‍යංගයෙන් ප්‍රකාශ වේ.
කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සරත් කොතලාවල රඟපෑම විශිශ්ටය.හුදෙක් යථාර්තය මානව මෙයින් සමාජයට පෙන්වා දෙයි.
මෙම සිංහල චිත්‍ර පටියේ දෙවන කොටසක්ද අනිවාර්යෙන් එක් විය යුතුය.

සෑ.යු - චිත්‍රපටය නැරඹීමෙන් පසු මා දුටු දේ ...