Monday, November 3, 2014

අරක්කු සිගෑරට්





මම අරක්කු සිගෑරට් පට්ට විරෝදී , ඒ අවුරුදු 6 ට විතර ඉස්සෙල්ලා. අපේ උන් සිගෑරට් බොනකොට මං බකට් එක දාන්නේ.මාව උන් අන්තිමට කැපුවා උන්ට සිගෑරට් නිදහසේ බොන්න බැරි නිසා. කාලයාගේ අවෑමෙන් මාත් ඔය දේට ඇබ්බැහි  උනා , නැහැ  ඇබ්බැහි කියන්න බැහැ වහල් උනා.යාළුවො පස් හය දෙනා  එක්ක සිගෑරට් එක බෙදාගෙන බීවා.මාර ලල් එක කියලා හිතං උන්නේ. ඒ දවස් වල රූ 6.50 හෝ 7 යි සිගෑරට් එක. කාලයාගේ අවෑමෙන් බියර් බෝතලේට අරක්කු බෝතලේට වැටුනා.ටෙක්නිකල් යන්න පටන් ගත්ත  කාලේ සතියට දවසක් දෙකක් කොටුවෙන් බියර් එකක් බොන එක පුරුද්දක් උනා. හොස්ටල් හිටිය කාලේ සතියට දවස් 3 ක් අනිවාර්යෙන් හොස්ටල් එකේ පාටි.ගෙදර ඇවිල්ලා හොස්ටල් එකට යන අතර මගින් බියර් එකක් ගහලා අරක්කු බෝතලයක් හොස්ටල් එකට අරං ගියේ අම්මා යාළුවො එක්ක කන්න කෙහෙල් කොලේ ඔතලා දුන්න බත් මුල එක්ක, එ බත් මුලේ අම්මගේ දහසක් බලාපොරොත්තුත් තිබ්බා.ඔය කාලේ වෙනකොට මං අරක්කු බෝතල් බාගේ වෙනකම් බොන්න හැකි ගානට පදම් වෙලා.පමණ ඉක්මවා ගිහිං වමනේ දාපු දවස් අනන්තවත් තිබ්බා. වැඩි උන දවසට හොස්ටල් එකේ බිත්තිය බදන් හිතන්නේ ආයි බොන්නේ නැහැ කියලා දවසයි දෙකයි.හොස්ටල් ජීවිතේට සමු දීලා ගෙන්දගම් පොලවේ ජීවිතේට ආයි අවා.
මචං එක තමා ඊළඟ තිත්පල උනේ. ඉරිදට පංති පටන් ගන්න පැය දෙකකට තුනකට ඉස්සෙල්ලා ගෙදරින් ගිහින් පන්තිය ඉස්සරහා රෙස්ට්ටුරන්ට් එකෙන් බියර් බෝතල් දෙකක් ගහලා තමා පංති යන්නේ.ආආආ අනික් දේ හොස්ටල් හිටිය කාලේ දවසට සිගෑරට් පෙට්ටියක් ම බීවා. 25 , 30 බීපු දවසත් තිබ්බා.කොළඹට අවාම එක පට්ට ලිමිට් උනා.හොස්ටල් ජීවිතෙන් පස්සේ කබරයා දැම්මේ එකම එක දවසයි අද වෙනකම්. හරියටම ඒ 2014.ජුලි.13. ඒ මිතුරෙකුගේ උපන් දින සාදයකදී සුර් වෙලා. පාටියට ගියේ 5 ට විතර එදා උදේ ඉඳන්ම බීවා. බියර් බෝතල් 4 ක් විතර විටින් විට බීවා. බිලා යාළුවගේ පාටියට ගිහින් බෝතලයකට කිට්ටු වෙන්න ගැහුවා. දෙහිවල ඉඳන් ගෙදරට එනකම් හතර පස් පාරක් වමනේ ගියා.ඒදා අදිටන් කර ගත්තේ ආයි බොන්නේ නැහැ කියලා.නමුත් ෂොට් එකක් දෙකක් දාපු දවස් අතේ ඇඟිලි ගානටත් වැඩි.
අරක්කු  මං ඉස්සර හොඳට ගැහුව එකෙක් දැන් නොගෑහුවට.මට මේ ගැන කතා කරන්න මහා හුඟක් දේවල් තියෙනවා. නමුත් අවාසනාවකට ඒවා කතා කරලා වැඩක් නැහැ.භය නැතිව කියන්නේ එකයි.හැබැයි 8% ට වඩා  මධ්‍යසාර නැත්නම් එය මත්පෑන් ගණයට වැටෙන්නේ නැහැ.
ශ්‍රී ලංකාව සාරධර්ම වලින් පිරිච්ච පවුල , ගම පන්සල කියන සුන්දරත්වයෙන් උතුරා ගිය ආසියාවේ නොව මුළු ලෝකයේම ආශ්චර්යය වෙච්ච රටක්.මේ දැන් ඉන්න දේශපාලන හැත්තට මෝල් , මුන් ආශාචර්ය ගැන මෝල් කියවනවා.
මං අහලා තියෙන විදිහට 1815 ට ඔන්න මෙන්න හරියටම දන්නේ නැහැ.සුද්දට අපේ මුතුන් මිත්තෝපරාජය කරන්න බැරි කාලයක අපේ සම්බන්ධතාවය ,සහයෝගය සහ හිතවත්කම සුද්දට දරාගන්න බැරි වෙලා තියෙනවා.සුද්ද කල්පනා කරලා අපුරු තීරණයක් අරං මොකක්ද ...? අපේ සියලාට අරක්කු පොවන්න.සුද්දගේ වැඩේ තිතට නැගලා ගියා,නිකන් අරක්කු බීපු අපේ උන් සල්ලි වලට බොන්නයි පෙරාගෙන බොන්නයි පුරුදු උනා."එළමකිරි"  සමයෙන් සතුටෙන් සහජීවනයෙන් පිරිච්ච කැදැල්ලට කේලම වෙලා ගියා.
දැන් නම් නෑදෑකම් යාළුකම් නෑ.කට්ටිය සෙට් වෙන්න නම් බෝතලයක් ඕනෙමයි.

සුද්දා දුන්නා වගේ තමයි ම‍ටත් දුන්නේ.මං දැන් ලාවට වගේ පසු තැවෙනවා . එකත් ලාවට :/ .
අපි අතරේ ඉන්නවා අරක්කු සිගෑරට් බොන්නේ නැති උන්.අනේ මචං අරක්කු සිගෑරට් පාවිච්චි කරන උන්ටයි කියන්නේ එහෙම උන්ට බොන්න දෙන්න එපා. උට බොන්න හිතුනොත් ඌ බෝයි. නමුත්  උඹලා දෙන්න එපා.එහෙම උන් අන්තිමට ලෙල්ල හුටං වෙන්නම ගහනවා.බෝතලේ ආත්මේ කර ගන්නවා. පොඩ්ඩක් උඹ ගැන හිතපන්. හිතලා සමාජේ ගැනත් හිතපන්. බීපන්  බොන්න එපැයි කියනවා නෙමේ. තමන්ගේ මට්ටම දැනගෙන බීපන්.

 සුරාමේරය මඡ්ජපමාදට්‌ඨානා වේරමණී සිඛාපදං සමාදියාමි
මං සුපිරියටම ගහපු එකෙක් නේ.එත් දවසක් මට මේ ගාථාවේ තේරුම තේරුනා ,ඒ  අහම්බෙන් පොඩි ෂොට් එකක් දාලා ඉන්න වෙලාවක ධර්ම සාකච්ජාවකදිමයි ....



" සුරාපානය ප්‍රමාදයට හේතුවයි "


No comments:

Post a Comment