Wednesday, February 18, 2015

~ ජීවිතයට තුන්වැන්නෙක් එපා ~



ජීවිතය අඳුරුයි , අඳුරු වන මුත් සොඳුරුයි .සොඳුරු බව රුදුරුයි රුදුරු බව නැති දිනය නුදුරුයි .


ජීවිතයේ අඳුරු තැන් වලත් සොඳුරු තැන් කවියන්ට දකින්න පුළුවන්. අඳුරු මතකයක් උනත් සොඳුරු විදිහට මතක් කරන්න කවියන්ට පුලුවන්නම් ඇයි අපිට බැරි .අඳුරු මතකයන් උනත් සොඳුරු විදිහට මතක් කරද්දී ඈස් අගට කඳුළු වෙනුවට සිනහවක් එයි අපේ මුවට.
කවදාවත් අමතක කරන්න බැරි ප්‍රථම ප්‍රේමයත් ඒ වගේ . හිතට අඳුරු වේදනාවක් ඒවි ඒ සොඳුරු මතකයන් මතක් කරද්දී . හැබැයි ඒ අතීතේ කොච්චර සුන්දර මතකයන් හැංගිලා තියෙනවද කියලා හිතෙද්දි සමහර විට ඔබේ ඇස් අගට කඳුලක් එනවා වෙනුවට ඔබේ මුනට හිනාවක් එවී . අඳුරු තැන් වලත් සොඳුරු දේවල් හැංගිලා තියෙනවා ගොඩක් .
පෙම්වතා දුර ඈත රටකට හෝ ස්ථාන මාරුවිමකදී පෙම්වතියගෙන් වෙන් වෙන තාවකාලික වෙන්වීමක් වුනත් සමහර වෙලාවට ජිවිතේ පුරාම ඒ රික්තකය හිස් තැන ඒ පාළුව මකා ගන්න බැරුව යනවා ඇත්තටම අපේ හිත හුදකාලාවේ පාළුවේ තියන්න හොඳ නැහැ , අඩු ගානේ හිතත් එක්කවත් ගනුදෙනු කරන්න ඔනේ . මොකද හිතේ හිස්තැනක් තිබුනොත් එහෙම ඒ හිතේ හිස්තැනට වෙනත් කෙනෙක් රිංගන්න ඉඩ තියෙනවා . හිත හිස් වන හැම විටම මේ හිස්තැනපුරෝ ගන්න උත්සහ කරනවා . ඒ නිසා හිත හරියට වායුවක් නැති රික්තකයක් වාගේ තියා ගන්න බැරි තැනක් . පුංචි කාමරයක රික්තකයක් හැදුනොත් එහෙම ජනේලයකින් හෝ දොරපියනකින් හෝ වහලෙන් හරි වායුව ඇවිල්ලා , සුලඟ ඇවිල්ලා සිතල ඈවිල්ලා මේ කාමරයේ පුරවන්නට ඉඩ තියෙනවා . ඒ නිසා අපි හිත හිස් කර ගන්නට හොඳ නැහැ .
හිත සිතුවලි වලින් හිස් කර ගන්න මොහොතේම ඒ හිස්තැන පුවරන්නට තුන්වැන්නෙක් බලාගෙන ඉන්න බව මතක තියා ගන්න ඕනේ . තුන්වැන්නෙක් බොහෝ වේලාවට හිස්තැන පුරවන්නේ අනෙකාගේ ජිවිතයේ හිස්තැනක් තියෙන බව ඔහුට ඇස් වලින් මුහුණෙන් ඉඟියෙන් ඉරියවු වලින් දැනුන මොහොතේම තුන් වැන්නා උත්සහ කරනවා හිස්තැන පිරවීම සඳහා.දෙදෙනෙක් පුරවන්න ඕන හිස්තැන් තුන්වැන්නෙක් විසින් පුරවන්න උත්සහ කරනවා කියන්නේ අපි ජීවිතයේ සාකච්චා කරන ගැටුමක අර්භුදයක ප්‍රශ්නයක ආරම්බය සිද්ද වෙනවා. 

No comments:

Post a Comment