Wednesday, February 18, 2015

~~ හමු වන්න ආයේ නම් හැකි වෙන්නේ නෑ ඉතින් ~~


හැම අරම්භයක් කෙළවරම අවසානයක් තියෙනවා .ඒ වගේමයි හැම අවසානයක මුලම ආරම්භයක් තියෙනවා . හමුඋනොත් වෙන් වෙන්න සිද්ද වෙනවා වෙන්වීම කියන්නේ යලි නැවත හමුවීමක ආරම්භයක්.
ඇත්තටම වෙන් වීමත් එක් වීමත් හැර ලෝකයේ තවත් දෙයක් නැද්ද කියලා ඇහුවොත් ටිකක් සරල උනාට ප්‍රකාශය ගැඹුරින් හිතන්න වෙනවා.



ඇත්තටම ලෝකයේ තියෙන්නේ යාම් ඉම් පමණයි.එකතු වෙනවා වෙන් වෙනවා.සියලුම ප්‍රේම කතා වලත් තියෙන්නේ එකතු වීම හා වෙන්වීම.එකතු වීම් බොහෝ වෙලාවට සතුටක් ගෙනත් දෙනවා මෙන්ම වෙන්වීම සදාතනික දුකක් ගෙන දෙනවා.හැබයි ජිවිත වල අපි පුරුදු වෙලා තියෙනවා දුක උනත් සතුටු විදිහට අත්විඳින්න.විශේෂයෙන් ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන අය සමහර වෙලවාට දුක හිතෙන දේවල් උනත් සතුටින් විඳ දරා ගන්නවා මොකද ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්‍රයක් නිසා.ඇත්තටම ජිවත් වෙනවා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කිරීම විතරක් නොවේ. ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් එහාට ගියේ දෙයක් තමයි , එතැනදී ජීවිතය එක්තරා ආකාරයකට ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන එකක්. කාගේ හෝ ජිවිතයක් සාර්ථක වෙනවා කියලා අපි කියන්නේ ජීවිතය නම් වූ සංකීර්ණ ප්‍රශ්න පත්‍රයට ඉතාම හොඳට ලස්සනට උත්තර ලියන්න වීමයි.
පෙම්වතෙක් අහනවා වෙන් වූ පෙම්වතියගෙන් ඔබේ එකතු වීමත් ඔබේ වෙන් වීමත් මට හීනයක් වගේ තමයි.හැබැයි ඔබ වෙන් උනාට පස්සෙත් ඔබෙන් අහන්න මට එකම එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා . ඒ තමයි ඔබ දන්නවාද ඔබට තිබුන ආදරේ තාමත් තියෙන ආදරේ පිළිබඳව ඔබ හැරී වැටහීමක් තිබුනද කියන එක සම්බන්දව වෙන් උනාට පස්සෙත් මට ගැටළුවක් තියෙනවා.මොකද ආයේ අපි කවදාවත් හමු වෙන එකක් නෑ.හමුවෙන්න නම් ආයේ හැකි වන්නේ නැහැ ඉතින්.මොකද අපි වෙන් වෙලා ඉවරයි . වෙන් උනාට පස්සේ ඒ වෙන් වීමේ රිදුම ආපහු එකතු කරන්න ටිකක් අමාරුයි .මොකද අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන්.අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන් නම් එක දන්නේ අපි දෙන්නා විතරයි නේ.
ඉතිං වෙන් වෙලා කඳුළු සල සලා හිටියත් දැන් මේක උපේක්ෂාවෙන් විඳ ගන්න සිද්ද වෙලා තියෙනවා .අපි හැමෝටම ඇස් වලින් එන කඳුළු සතුටක් කර ගන්න වෙනවා.



No comments:

Post a Comment