Monday, November 3, 2014

තන්හා රතී රඟා


නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ සිනමා නිර්මාණයක් වන තන්හා රති රඟා සැවෝයි ඇතුළු සිනමාහල් රැසක ප්‍රදර්ශනය වේ මේ දිනවල. කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, නාමල් ජයසිංහ, දයාදේව එදිරිසිංහ, කමල් අද්දරආරච්චි, ස්වර්ණා මල්ලවාරච්චි, නිටා ප්‍රනාන්දු, අනෝජා වීරසිංහ, ඇඩම් ආදමලී ඇතුළු නළු නිළියන් පිරිසක් ඊට රංගනයෙන් දායක වේ.
කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල තිර රචනය කළ මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ධනුෂ්ක ගුණතිලකගෙනි. සංගීතය ගයත්‍රි සහ අනූෂා කේමදාස විසින් නිර්මාණය කර ඇත. නටාෂා ඩ්‍රීම් ගේ සම නිෂ්පාදනයෙන් සහ සම අධ්‍යක්ෂණයෙන් යුත් ‘තන්හා රතී රඟා’ නිෂ්පාදනය සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්. ඩී. ප්‍රේමසිරිගෙනි.
ලන්ඩනයේ ‘I Will Tell’ සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර වූ ‘තන්හා රතී රඟා’ මෙරට ප්‍රදර්ශනය සඳහා එක් වන්නේ ලොව පුරා සිනමා උළෙල කිහිපයකම ඇගැයුමට හා සම්මානයට පාත්‍ර වෙමිනි..
සිනමාහල් වලදී ප්‍රදර්ශනය කරන නවතම ඉංග්‍රීසි හා සිංහල චිත්‍රපටි එකක් නෑර නරඹා ඇත.තන්හා රතී රඟා පහුගිය කාලේ නරඹපු චිත්‍රපටි හා සසඳා බැලු කල මට නම් එය කර්ම වලින් පසු තිර ගත වූ හොඳ චිත්‍ර පටියකි.
යුධ ජයග්‍රහණයක් කියා මුළු ලෝකෙටම අඬබෙර ගසා හාල් මුට්ට ගනන් කිරි බත් මහා පාරේ උයා කෑ ජාතියකි අපි.නමුත් අප යුධ ජයග්‍රහණයක් සැමරුවේ නැත.අපි යුද්දයක් දින්නේ නැත.යුද්දයක් අවසන් කළා පමණය.
මිනි මරලා කිරිබත් කාපු එකම ජාතිය අපි වෙන්නට පුළුවන.ඒ බව ව්‍යංගයෙන් ප්‍රකාශ වේ.
කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සරත් කොතලාවල රඟපෑම විශිශ්ටය.හුදෙක් යථාර්තය මානව මෙයින් සමාජයට පෙන්වා දෙයි.
මෙම සිංහල චිත්‍ර පටියේ දෙවන කොටසක්ද අනිවාර්යෙන් එක් විය යුතුය.

සෑ.යු - චිත්‍රපටය නැරඹීමෙන් පසු මා දුටු දේ ...


No comments:

Post a Comment