Wednesday, February 18, 2015

ආරාධනා... ආරාධනා.....


'' සඳු අපි අදුරගන දැන් අවුරුදු දෙකකටත් වැඩියි , මට ඔයාව තාම දකින්ඩ බැරි උනානේ ''
'' හරි හරි පැටියෝ මේ පාර මම ලංකාවට ආපුවහම ඔයාව බලන්ඩ එනවනේ ''
'' කවදටද එන්නේ ''
'' ලබන මාසේ පහලව ''
'' මම කියපුව ගේනවා නේද''
'' ගේනව ගේනව පැටියෝ . ඒවත් ගේනව මගේ පැටියට උම්මා ගොඩකුත් ගේනව'' ......................................................
'' චානක මේ මම , මේ නම්බර් එක සේව් කරගන්න මං ලංකාවේ ඉන්නකං පාවිච්චි කරන්නේ මේක ''
'' කවදද ආවේ සඳු ''
'' ඊයේ රැ ......මට ඔයාව දකිනකං සිහියක් නැ අනේ ''
'' ඉතින් ස්කයිප් එකෙන් දැක්කේ '' '' එහෙම බැ හැබැහින් දකින්ඩ ඕන ''
'' ඉතින් සඳු කවදටද මාව බලන්ඩ එන්නේ ''
'' හෙට උදේ නමයට කඩවත බෝධිය යටට එන්ඩ''
'' හරි මම එන්නං , එහෙනං තියනව පැටියෝ'' '' බායි '' ....................................................
'' හෙලෝ කොහෙද මනුස්සයෝ ඉන්නේ මම දැං පැයකටත් වැඩියි මෙතන වේලෙනව''
'' මං මේ පාර දිගේ පයින් එනව අනේ ... ත්‍රීවිල් එකක් එයි කියල බලබල මේ බැග් එකත් හෙන බරයි ......ඒ මදිවට ඔයත් බනිනව''
'' හරි හරි ඉක්මනට එන්නකෝ '' .........................................
'' අනේ චානක ඔයා හිතුවට වඩා කලුයිනේ '' '' ඔයානං ස්කයිප් එකෙන් දැක්කට වඩා සුදුයි ලස්සනයි , බදාගන උම්මා එකක් දෙන්ඩ හිතෙනව ''
'' අනේ නිකං ඉන්න ''
'' මෙතන ඉන්න බැ අව්වයි , අපි වෙන කොහෙට හරි ගිහිල්ලා කතා කරමු '' ...............................................
'' ෂ්.....ෂ්...... මල්ලි ''
'' කොහාට යන්ඩද මහත්තය ''
'' අපිව නිදහසේ ඉන්ඩ පුලුවන් තැනකට ගිහිල්ලා දාන්ඩ ''
'' හරි මහත්තය දන්න ආතල් පොට් එකක් තියනව , පට්ට සේප්ටි '' ............................................
'' කීයද මල්ලි හයර් එක ''
'' තුන්සීයයි මහත්තය ''
'' ආ චානක මේකෙන් දෙන්ඩ ''
'' මේ උදේ පාන්දර දාහක් මාරු කොහෙද මහත්තය ''
'' ආ ඉන්ඩ මාලග තියනව ''
'' මහත්තයා යනකොට මේ නම්බර් එකට කොල් එකක් දෙන්ඩ මම ඇවිත් ගන්නං ''
'' හරි මල්ලි '' .................................
'' ආ මෙන්න ''
'' එපා චානක ඔයා දාහ එයා තියාගන්ඩ ''
'' එපා එපා ...ආ ගන්ඩ ''
'' තියාගන්ඩ ලමයෝ ආඩම්බරකං නැතුව '' ....................................
'' අපිට රූම් එකක් ගන්ඩ පුලුවන්ද ''
'' මට අයි ඩී එක දෙන්න මහත්තය '' '
' ආ මෙන්න යතුර ඔතනින් උඩට නැගල නොම්බර නමය කාමරයට යන්න '' .........................................
'' උම්මා............. උම්මා................. උම්මා..............මම ඔයාට මේවා දෙන්ඩ කොච්චරකල් බලාගන හිටියද පැටියෝ ''
'' මේ බලන්ඩ මම ඔයාට ගෙනාපුවා ''
'' මෙන්න ඉල්ලපු කැමරාව ''
'' මේ ෆෝන් එක ලස්සනද ''
'' මේ ඇදුම් ටිකත් ඔයාට ''
'' මෙන්න මෙහෙට එනව මට ඔව්වා ගෙනාවට තව උම්මා ගොඩක් දෙන්ඩ '' ........................................
'' මං හිතුවේ නැ මෙහෙම වෙයි කියල ......මං කවදාවත් කාත් එක්කවත් එහෙම ඉදල නැ ................අනේ චානක කියන්න ...........ඔයා මාව කවදාවත් අත අරින්නේ නැ නේද ...........ඔයා මාව බදිනව නේද කොල්ලෝ '''
'' බය නැතුව ඉන්න සඳු මං ඔයාව තනිකරන්නැ ''
'' මගේ හොද කොල්ලා ''
'' එන්න ඔයා ගෙනාපු කැමරාවෙන් ඉස් ඉස්සෙල්ලම ෆොටො එකක් ගන්ඩ ''
'' මෙහෙම ''
'' ඉතින් මොකද මට බලන්ඩනේ ''
'' අනේ මන්දා ''
'' කෝ කෝ ඔය අත අහකට ගන්නව ..ගොඩේ ගැනියෙක් වගේ ලැජ්ජා වෙන්නේ '' .......................................
'' අපි දැන් යමුද ''
'' ආයේ කවදටද මාව බලන්න එන්නේ ''
'' තව මම දාපු බඩු පෙට්ටියක් තියනව ඒක ක්ලියර් කරගත්තහම එන්නං ....තව ගොඩක් දේවල් තියනව ඔයාට දෙන්න ''
'' ඔයාලග සල්ලි තියනවද , ආ මේ සල්ලි වලින් කාමරේට ගෙවලා දාන්න , මේ ටික ඔයා වියදමට තියාගන්න '' ....................................................
දින කිහිපයකින්
'' හෙලෝ ....චානක ...මට මෙන්සස් අනේ නැති හින්දා යුරින් චෙක් කලා මම ෆෙග්නන්ට් වෙලාලු ''
'' මොකක් ‍....ඇයි මම තමුසෙට පාමසියෙන් අරන් දුන්න පෙති බිව්වේ නැද්ද ''
''පලවෙනි එක බිලා එලුව කැරකිලිල ආපු හින්දා දෙවනි එක බිව්වේ නැ ''
'' ඔයිට හොදයි මාව මරාගන කැවනං ''
'' අපි බදිමු ''
'' බදින්ඩ පිස්සුද ඕයි .......අපි ළමයව නැති කරමු ''
'' අනේ මටනං බැ ඒ පව්කාර වැඩේ කරන්ඩ ''
'' එහෙම කියල බැ .................දහ පහලොස් දාහක් දුන්නහම බඩ සුද්ද කරත හැකි . අමාරුවක් නැ ''
'' අනේ මටනං බැ චානක ''
'' සඳු මේ අහනව ...මේවා මෙහෙම කතා කරන්ඩ බැ .......මම තව පැයකින පුරුදු තැනටම එනවා ඉක්මනට ලෑස්තිවෙලා එනව '' ..................................................
'' අනේ අපි දැන් මොකද කරන්නේ අර වැඩේ නං මට කරන්ඩ බැ ...........අපි බදිමු ''
'' රස්සාවකුත් නැතුව කොහොමද මනුස්සයෝ ජීවත් වෙන්නේ ...................ආයෙත් රට ගිහින් එනව මමත් ඒ වෙනකොට මෝනවහරි කරල ගොඩ ගිහිල්ලා ඉන්නං.......................හරි තමුසෙට බැරි බඩ ඇබෝෂන් කරන්නනේ ..............මේ පෙතිටික බීලා දානව ''
'' අනේ මට බැ පවුකාර වැඩ කරන්ඩ ''
'' මෙහෙට වරෙන් ඇරපං කට නැත්තං මම බෙල්ල මිරිකල හරි මේක පොවනව '' ...........................................................
'' හෙලෝ .........මොකුත් වෙනසක් තියනව ''
'' නැනේ චානක අනේ මට බයයි ''
'' ඒක තමයි මං කියුවේ අර තැනට ගිහින් , අර වැඩේ කරමු කියල , ......බලනව පන්ඩිත කමට ...කරගත්ත දේ .. දැන් පරක්කු වැඩියි ''
'' අපි බදිමු ''
'' මට බැ '' '' මගේ සේසතම හුරගන දැන් කොහොමද චානක එහෙම කරන්නේ තමුසේ මම හෙට උදේට තමුසෙලගේ ගෙදරට ඇවිත් නවතිනව ''
'' මේ අහපං සඳු ..
උඹ ආවොත් මම බෙල්ල මිරිකල මරනව ''
'' එහෙනං මරපං ...මම එන එක එනවාමයි ...මෙහෙම ජීවත් වෙනවට වඩා ඒක සැපයි '' ......................................
ට්රීං ට්රිං ................
'' මේ ළමය කවුද''
'' අම්මේ .... චානක ඉන්නවද ''
'' මම සඳු එයාගෙයි මගෙයි සම්බන්දයක් තියනව . මට දැන් බබෙක් හම්බෙන්ඩ ඉන්නව . එයා දැන් මාව මග අරිනව , අම්මල මට පිහිට උනේ නැත්තං වහකන්ඩ තමයි වෙන්නේ ''
'' වහකන්ඩ ඕන නැ හිටපිය මම බෙල්ල මිරිකන්ඩ , මම තොට කියුවා නේද මෙහේ එන්ඩ එපා කියල''
'' පොඩි පුතේ ...බලු වැඩ කරා මදිවට උඹ තව මිනිත් මරන්ඩද හදන්නේ පලයං අහකට ඔය ගෑණිගේ බෙල්ල අත ඇරල ''
'' ඔය ළමය බය නැතුව ඉන්ඩ . මටත් කෙල්ලො ඉන්නව ... මේ බල්ලා බලු කමට හැදුනට ..... එන්ඩ දුවේ ගෙට '' ................................. ''
ටික කලකින්
සදු..........අදත් බිස්නස් හොදයි...., ඇදුම් කෑලි තිහකටත් වඩා විකුනුනා . , කඩේට ගත්ත ණය ටිකත් ඔක්කොම ගිය මාසේ පියවල ඉවර උනා ''
'' අනේ හොදයි ඒකනේ මම ඔයාට කියුවේ අපේ දෙයක් කරල අපිට ගොඩ යන්ඩ පුලුවන් කියල ''
'' ලබන සතියේ නේද ඉස්පිරිතාලේ නවතින්ඩ ඕන ''
'' ඔව් අනේ මට බයයි ඩොක්ට එදා ක්ලීනික් එකට ගියහමත් කියුවා බබා හැදිලා මදි කියල ..අර බෙහෙත් හින්දද දන්නැ ''
'' බය නැතුව ඉන්ඩ .. එහෙම මොකුත් වෙන්නේ නැ '' .................................................
'' කෝ බබා ''
'' ලස්සන පුතෙක් අනේ .......‍ගොඩක් පොඩි හන්දා එයාට කිරි මගෙන් උරල බොන්ඩ බැ .....නර්ස්ල මගෙන් කිරි අරගන පුතාට පොවල ගෙනත් දෙන්න කාමරයට අරගන ගියා '''
'' මට දකිනකං සිහියක් නැ ''
'' හරියට වැඩිල නැති හන්දා ලොකු වෙනකං ගොඩක් පරිස්සං කරන්ඩ කියුවා චානක ''
'' අපේ පුතු කැටයව අපි හොදට බලාගම්මු සදු ''
'' අන්න අරගන එනවා ඔයාගේ අතට ඉල්ල ගන්න '' .............................................................
වසර 4 ට පසු
'' චානක ඔයා යනගමන් පුතාවයි මාවයි වැන් එකේන් බස්සගන යනවද ටවුන් එකෙන් පුතාට මොන්ටි සෝරියට ඕනකරන බඩු ගන්ඩ ඕන ''
'' මට පරක්කුවෙනව ඔයාල ත්‍රීවිලර් එකේ යන්ඩ ''
'' ත්‍රී විලර් එකේ යනකොට පුතාට හුලං වදිනව . ඊයේ රැත් ටිකක් ඇග රස්නෙයි ''
'' හා එහෙනං මම ඉන්නං ඉක්මනට ලැස්ති වෙන්න '' ........................................................
'' අනේ චානක ඉක්මනට හේමාස් එකට එන්ඩ ......පුතාව එකපාරටම ඇග පන නැතුව වැටුනා ''
'' ඒ මොකද ඒ මම ඉක්මනට එන්නං ......ඔයා මොකක් හරි වාහනයක පුතාව හේමාස් එකට අරගන යන්ඩ '' ................................................
'' ඩොක්ට මගේ පුතාට මොකද වෙලා තියෙන්නේ ''
'' කනගාටුයි මිස්ටර් .....අපි හුගක් අත්සාහ කලාපියවි තත්වෙට ගන්න , මොලයේ වර්ධනයේ අඩුවක් හින්දා . ඇති වෙච්ච තත්වයක් අපිට දරුවව බේරගන්න බැරි උනා ..............................................................
ආරාධනා... ආරාධනා...
ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා... ආරාධනා...
නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා
සෙනේහසේ සත් පියුමන් යලිදු පිපේවා
ආරාධනා... ආරාධනා...
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු
බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා

ආරාධනා... ආරාධනා...




උපුටා ගැනීමක් නොවේ



සිංදුව අහන්න මෙතනින් - https://www.youtube.com/watch?v=fd7JpE0RI_E


No comments:

Post a Comment