Wednesday, February 18, 2015

හන්තාන අහස

පේරේ නොමැති පොෂ් හදවත්


මලිත් මට හමුවුනේ දැනට අවු 10 ට විතර ඉස්සර.ඒ රාජකීය විද්‍යාලයේ පැවතී චෙස් තරඟයකදී.මලිත් මහනුවර ප්‍රධාන පෙලේ පාසලක කැපි පෙනන දඩබ්බර චරිතයක්.රාජකියේදී හමුවන්නට පෙර මලිත් මට මුණ ගැසී තිබුණි.මං අදටත් මලිත් හම්බ උනේ කොහෙදිද කියලා හිතනවා.සමහර විට එක සංසාරික බැදීමක් වෙන්න ඇති.අපිට මේ ජිවන ගමන අතර මගදී හුරු පුරුදු මුහුණු හම්බ වෙන වාර අනන්තයි.නමුත් ඔවුන් කවුද කියන්න අපි දන්නේ නැහැ.මලිතුත් එහෙම එකෙක්.මලිත්ගෙයි මගෙයි මිතුදමකට එහා ගිය සහෝදර බැඳීමක් තියෙන්නේ.අපි ඒදා රාජකීයෙදී හම්බ උනාට පස්සේ දුරකතනයෙන් කතා කල වාර ගණන අතේ ඇඟිලි ගානටත් අඩුය.ඔහු මට නැවත මුණ ගැසෙන්නේ භුකියේදී ඒ දැන් අවු 5 ක් 6 ක් විතර ඇති.ඒ දිනක් මලිත් මගේ මතකෙට ආපු වෙලාවකය.මලිත් කියන නමින් තිබ්බ හැම නමකටම රික්වෙස්ට් දැම්මා.මලිත් මගේ මිතුරු ඇරයුම පිළිගෙන තිබුනත් ඔහුට මා මතකෙට නැගුනේ එදා රාජකියේදී ගත් පින්තුරයක් පෙන්නු පසුය.මේ සංසාරික බැඳීම නැවතත් අලුත් විය.
භූකියෙන් හමු වූ අපි මේ සමාජ ජාලෙන් එලියට එන්න හිතන් උන්නත් අපි දෙන්නට එකට කාලය ලැබුනේ නැහැ. දිනක් හන්තාන අහස යට ආදරෙන් වේලි සිටි හුරුපුරුදු පෙම්වතෙක් ඇත සිට දුටුවද ඔහු කවුද කියා බලාගන්නට මා සිත පෙලමිබිනි.මලිත්ගේ පෙම්වතිය දැන හඳුන ගන්නේ එදිනය.මේ කෙල්ලගේ නම අපි කියමු චතු කියලා.පාසැල් ජිවිතයට සමු දී කැම්පස් යන්න ඔවුන් දෙදෙනාම ඇඟිලි ගැන ගැන ඉන්න බව මලිත් මට දිනක් කතා කල අවස්ථාවක කිවේය.මලිත්ගේ ආදරවන්තිය හා මාගේ #$%^&*$% එක ස්කොලේ බවද දැන ගත්තේ එවිටය.මේ මිතුදම , සහෝදරකම තවත් ශක්තිමත් විය.අපි හතර දෙනා හන්තාන අහස යට නොගිය තැනක් නොතිබිණි .චතුත් මට සහෝදරියක් තරම් ලං විය.චතු කොළඹ විෂ්‍යවිද්‍යාලයටත් මලිත් පේරාදෙනිය විෂයවිද්‍යාලයටත් තේරිණි.හන්තාන අහස යටදී නැවත මොවුන්ට මුණ ගැසෙන්න අවස්තවක් ලැබුනේ චතු ගෙදර ආපු දාට පමණය.මොවුන් දෙදෙනා දැන් තෙවැනි වසරේ සිසුන්.කාලය දෙදෙනාට නොදැනී ගෙවී ගියේ වෙගයෙන්ය.පසුගිය දිනක මලිත්ගෙන් දුරකතන ඇමතුමකි.මලිත් මට සීරියස් කතා කරපු පලවෙනි දවස එදයි" මචං ජනියා උඹ කොහෙද ..."
ඔය වචන වලින් පටන් ගත්ත යාළුකම සහෝදර කමක් තරමට මෝරලා බොහෝ කල්ය.එකෝමත් එක දවසක හන්තාන අහස යට රොබරෝසියා ගහ ලඟදි ( කැපුවට පස්සේ ) එහෙමත් නැත්නම් වලේදී මලිත් දීර්ග සුසුමක් හෙලා කතවකට මුල පුරන්න හදන බව මට දැනුනි.හන්තාන අහසට සුර්යා ආයුබෝවන් කියා අඳුර ගලා එමින් තුබුණි. හන්තාන අහස යට රොබරෝසියා ගහ ළඟ ආදර සිත් කියක් නම් එකතු වී ඇතිද , සිත් කියක් වෙන් වෙන්න ඇතිද.
දීර්ග නිහැඬියාවකි පසු මලිත් කට හඬ අවදි කළේය.මචං ජනියා මේ ජිවිතේ හරි සුන්දරයි මචන් ඒ වගේම කටුකයි.මේ දෙකම අපි විඳින්න ඕනේ.සුන්දර දේවල් අපිට කවුරුත් ගෙනත් දෙන්නේ නැහැ.අපි ඒවා ලබා ගන්න ඕනේ.ජීවිතේදී මිනිස්සු අපිට හම්බ වෙනවා ඒ වගේම වෙන් වෙනවා.හමු උනොත් වෙන් වෙන්න සිද්ද වෙනවමයි.උඹත් අද ඉඳලා හෙට යයි.චතු දැන් මාත් එක්ක කතා කරන්නේ නැහැ බං.දැන් මාස ගානක් වෙනවා. මලිත්ගේ හිතේ තිබ්බ ලොකු කතාවක් එලියට පැන්නේ එවෙලෙයි.මලිත්ගේ කතව අහං ඉන්න මට හිතට අමුත්තක් දැනුනි.කොහේදෝ ඉඳලා එන මුලස හිතලක් අපි දෙන්නගෙම හිත හිරි වට්ටනකොට මුකක් කරන්නද කියා සිතා ගන්නට බැරිය. පහු ගිය දවසක කැම්පස් එකේදී චතු හම්බ උනත් මේ ගැන මට දැන ගන්නට ලැබුනේ නැහැ.මලිත් මගෙන් ඉල්ලපු එකම උදවුව කැම්පස් එකට ගිය වෙලවක චතු ගැන හොයලා බලන්නයි.එදා ඔය උදවුව ඉල්ලලා මලිත් හිනා වෙන්න උත්සහ කලත් හොරෙන් වැටුණු කඳුළු බිංදු වලේ පඩි දිගේ ගලා ගෙන ගියේය.මලිත් මිට පෙර අරක්කු බීපු එකෙක් නෙමේ.නමුත් දැන් එයට පෙළඹී අවසන්ය.
මලිත් කිවූ පසු චතු ගැන සොයා බැලුවත් මට මලිත්ට කිසිවක් කියන්නට සිතුනේ නැත.මන්ද ඔහු සංවේදී පුද්ගලයෙක් නිසාය.මලිත් ඊයේ කොළඹ ඇවිත් මා එක්ක කොළඹ කැම්පස් එකට ගියේ චතු ගැන මං කිසිවක් නොකී බැවින්ය.කැම්පස් එකේ හතර වටේ ඇවිද්දත් චතු හොයා ගන්න බැරි තැන චතුගේ ෆැකල්ටියේ කෙල්ලෙක් හමු වී චතු සිටිනා තැන දැන ගන්නට ලැබුණු නමුත් මා එහි යන්නට අකමැති බව මලිත්ට වැටහිණි.ඔහු එය ගණනකට නොගෙන මාවත් ඇදගෙන චතු සොයා ගියේය.චතු ඔහුගේ පෙම්වත්ත සමග කැන්ටිමේදී අප දෙදෙනනට මුණ ගැසුණි.
චතු එක්ක වචන දෙක තුනක් කතා කල මලිත් කිසිම හිත් අමනාපයකින් තොරව ඇයට දෙන්න ගෙනා පර්සලයක් දී එන්නට විය.චතුගේ දෑසින් කඳුළු කැට වැටුණු බව දුටු විට මලිත් කිසිවක් නොපවසා ඉන් නික්ම වන්නට උයේය.
ආදරය යනු අතිශය කැමැත්තය.එය සංසන්දනාත්මකවය.තමන්ට වඩාත් ගැලපෙනවා යැයි සිතන්නේ තමන්ට හමුවන අයගෙන් ඔවුන් සිත අක්‍රමණය කරන ආකාරය අනුවය.එය නොලැබී ගියහොත් දුක දැනෙන්නේ එතරම් හොඳ එකක් තමන්ට නැති වුවායැයි සිතාය.හොඳටම හොඳ ඒවා අහිමිවීම අතර ටිකක් හොඳ එකක් වුවද අහිමිවීම දුකකි.
ඔහු සිත අක්ර්මනයට වෙහෙසුන එක්තරා තරුණියකි.ඈ වරදක් නැත.ඔහුද එය තෙරුන් ගැනින. අවුරුදු 4 ක් 5 ක් පමණ පෙම් කර වෙන් වීමය දුක.


මා ලේකකයෙක්වත් පත්තරකාරයෙක්වත් නවකතාකාරයෙක්වත් කෙටිකතාකරුවෙක් වත් නෙමේ.. මගේ අතින් අනතවත් වැරදි වෙනවා ලියද්දී. ඒ වැරදි ටික කියලා දෙන්න.



මලිත් හා චතු අන්වර්ථ නාම දෙකකි , නමුත් අන් කිසිවක් මංකල්පිත් නොවේ.දින වකවානු පවා සත්‍යය.


No comments:

Post a Comment