Monday, November 3, 2014

තන්හා රතී රඟා


නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ සිනමා නිර්මාණයක් වන තන්හා රති රඟා සැවෝයි ඇතුළු සිනමාහල් රැසක ප්‍රදර්ශනය වේ මේ දිනවල. කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, නාමල් ජයසිංහ, දයාදේව එදිරිසිංහ, කමල් අද්දරආරච්චි, ස්වර්ණා මල්ලවාරච්චි, නිටා ප්‍රනාන්දු, අනෝජා වීරසිංහ, ඇඩම් ආදමලී ඇතුළු නළු නිළියන් පිරිසක් ඊට රංගනයෙන් දායක වේ.
කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල තිර රචනය කළ මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ධනුෂ්ක ගුණතිලකගෙනි. සංගීතය ගයත්‍රි සහ අනූෂා කේමදාස විසින් නිර්මාණය කර ඇත. නටාෂා ඩ්‍රීම් ගේ සම නිෂ්පාදනයෙන් සහ සම අධ්‍යක්ෂණයෙන් යුත් ‘තන්හා රතී රඟා’ නිෂ්පාදනය සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්. ඩී. ප්‍රේමසිරිගෙනි.
ලන්ඩනයේ ‘I Will Tell’ සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර වූ ‘තන්හා රතී රඟා’ මෙරට ප්‍රදර්ශනය සඳහා එක් වන්නේ ලොව පුරා සිනමා උළෙල කිහිපයකම ඇගැයුමට හා සම්මානයට පාත්‍ර වෙමිනි..
සිනමාහල් වලදී ප්‍රදර්ශනය කරන නවතම ඉංග්‍රීසි හා සිංහල චිත්‍රපටි එකක් නෑර නරඹා ඇත.තන්හා රතී රඟා පහුගිය කාලේ නරඹපු චිත්‍රපටි හා සසඳා බැලු කල මට නම් එය කර්ම වලින් පසු තිර ගත වූ හොඳ චිත්‍ර පටියකි.
යුධ ජයග්‍රහණයක් කියා මුළු ලෝකෙටම අඬබෙර ගසා හාල් මුට්ට ගනන් කිරි බත් මහා පාරේ උයා කෑ ජාතියකි අපි.නමුත් අප යුධ ජයග්‍රහණයක් සැමරුවේ නැත.අපි යුද්දයක් දින්නේ නැත.යුද්දයක් අවසන් කළා පමණය.
මිනි මරලා කිරිබත් කාපු එකම ජාතිය අපි වෙන්නට පුළුවන.ඒ බව ව්‍යංගයෙන් ප්‍රකාශ වේ.
කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සරත් කොතලාවල රඟපෑම විශිශ්ටය.හුදෙක් යථාර්තය මානව මෙයින් සමාජයට පෙන්වා දෙයි.
මෙම සිංහල චිත්‍ර පටියේ දෙවන කොටසක්ද අනිවාර්යෙන් එක් විය යුතුය.

සෑ.යු - චිත්‍රපටය නැරඹීමෙන් පසු මා දුටු දේ ...


Saturday, September 27, 2014

විවාහය හා සිහිනය



මෙය නම් කාමරයකට කොටු වූ ඒකාකාරී දුක්කිත ජීවිතයකි . සති අන්තයේ උදේ 8 ට 9 ට විතර අවදි වී නැවත දහවල් ආහාරයට අවදි වීමට පුරුදු වී අවසන්ය.හැඩි කෙරුණු කාමරය දුම් පිරුණු පාන් පෝරණුවක් මෙන්ය. මත් වතුර බෝතලයද ජිවිතයට උරුම වුනේ ඇයිද කියන්නට දෙන්නේ නැත.නමුදු කාමරයේ දහසක් බලාපොරොත්තු හා සිහින මාලිගා වලින් පිරි ඉතිරි ගොස් ඇත.අනෙක් මිතුරන් ගෙවල් බලා සිකුරාදා දිනයේ පිටවිය.

පාරට බැස්සේ දහවල් ආහාරයෙන් පස්සේ පොඩි රස්තියාදුවක් ගැසීමේ අරමුණ පෙර දැඩි කොටගෙනය.බර්සරිය හරි පොඩ්ඩයි.මාසිකව විශ්‍යවිදයලයෙන් ලබා දෙන බර්සරිය ඈරියස් සමග දින කිහිපයකට පෙර ලෑබුන බැවින් පසුම්බියද මුදලින් පොහොසත්ය.දුම් වැටියක් දල්වාගෙන ගළහ හන්දිය තෙක් අරමුණක් නොමැතිව ගමන් කලේය.නොසහෙන ගිණිකාශ්ටකය, වැහි පොදක් වැටි ගිනියම් වූ සිත නිවන්නට වැහි වැහි වලාකුලක් පෙන තෙක් මානයක නොමැත.දහවල් ආකාසයේ වලාකුලක් පෙනෙන්ට තිබුනද එක් කඩ ඉරක්වත් පෙනෙන්නට නොතිබුණි.

බසයක නැග නුවරට පැමිණි මා කොළඹ විදිය හරහ දළාදා විදියට පැමිණ අසල තිබු අවන්හලට ගොඩ වැදුනේ මත් වතුර පොදකින් සුර් වීමට සිතාගෙනය.මත් වතුර බෝතලය හිස් වන තුරුම අත්මයත් සමග පොර වැදුනේ කිමදැයි කියා මා අද වන තුරුම දන්නේ නැත. හොරා කිහිපයක් නොදැනුවත්වම අහවන්හලේ කාලය ගත උනි.සන්දයාවෙන් පසුව බටහිර අහසේ හිරු කෙමෙන් කෙමෙන් සැඟවී යන්නාත් සමග සැන්දෑ අඳුර රැගෙන රස්තියාදුව අවසන් කර නැවත හොස්ටලයට පය තබනවාත් සමග සිත බිත්ති හතරට කොටු විය.ඇඳිවතත් සමග ඇඳ මතට ගොඩ වුනු මගේ සිත අවු :2ක් පමණ ආපස්සට ගමන් කලේ මටත් නොදැනීමය.

පෙර දින ඈ සමග ආදරෙන් වේලි උන්න ආකාරය මගේ සිතේ දෝංකාර දෙන්නට මෙන් මැවෙන්නට විය.ඒ දවස ඇය සමග නිදහසක් ලැබුණු විගසම ගැටඹේ පන්සලට ගොස් මලක් පුදා බුදුන් වැඳ ඒ අසලම නිස්කලංක තැනකට යන්නේ නිදහසේ කාලය ගත කිරීමටය..... ඒ නිමේෂයන් සිහියට නැගෙන විට ඇසෙන් කඳුලක් කඩන් වැටෙන්නට බසුබට නොවන්නේය.ඈ එදා මට දුන් සියලු පොරොන්දු සිහිනයක් පමණි.ඒ සියල්ලම යටපත් කරගෙන හදවතට දැනුනු අමුතුම හැඟීම් ,පාළුව හෝ තනිකම විය යුතුයැයි අනෙක වාරයක් සිති ඇත.

ආදරය වේදනාව දුක කඳුල සොම්නස තනිකම පාළුව සෑම මිනිසේකුම විඳිය යුතුය. මා සිතන්නේ මා ඕනෑවටත් වඩා විඳින බවකි. වම්බටු පරිප්පු එක්ක බත් කටවල් දෙක තුනක් ගිල දුම් වැටියේ සුවඳ බැලූ මා නැවත ලෑලි ඇඳ මතට ගොඩ උනි. රුපවාහිනියක් , ස්මාට් දුරකතනයක් .හෝ පරිගණකයක් නොමැති මගේ දුප්පත් කාමරයේ මාගේ තනි කම පාළුව මකන්නට සිටින්නේ පොත්පත් කිහිපයක් හා අම්මා අරන් දුන් පරන ජංගම දුරකථනය පමණි.නින්දත් නොනින්න්දත් අතර සිටි මා හට චිත්ත රූප එකින් එක මැවේන්නට විය.ඇය මා සමග ගත කල කාලය දම් වැලක පුරුක් මෙන් එකිනෙක පෙනෙන්නට විය.සියලු භාදක ජයගෙන කෙදිනක හෝ ඔබ මාගේ ස්වාමි පුර්ශ්‍යා විය යුතුය කියා ඔබ කිවූ ඒ සුන්දර වචන ටික අදටත් දෝංකාර දෙන්නේය.

කාලය අපි දෙන්නට සරදම් කරන්නට විය.අද ඈ හා මා දේතැනකය .කැම්පස් ජිවිතයට සමු දී ඔබ මෙරට අතහැර වෙනත් රටක් කරා ගමන් කලේ වැඩි දුර අධ්‍යාපනය සඳහාය.ඈ මාගෙන් වෙන් වී ටික දොහක් යන්නට කලියෙන් ෆැකල්ටියේම ජෙෂ්ට සිසිවෙක් වෙත සිත ඈදී ගියේය.ඈහට ඔහුගෙන් ආදරය හා සෙනහස නොවඩුව ලැබුණි.ඔහු දැන් පේරාදෙණිය රෝහලේ පුහුණු වෙමින් සිටියදී පසුගිය දින මට මුණ ගැසුනේ අසනිප වී රෝහල් ගත වූ අවස්ථාවේය. ඔහු ඇගෙන් වෙන් ඌ බව මා දන්නේ එවිටය.මා දෙලොවක් අතර තනිවිය. රෝහලෙන් පිටව යන්නට නියමිතව තිබියදී මා ඇගේ පෙර දිනයේ පෙම්වතාගෙන් ඇගේ දුරකථන අංකය ඉල්ලා ගත්තේ සිතේ මල් පොදී බැඳගෙනය.ඔහුද නොපැකලි නම්බරය දුන්නේය.

ඇය මා හා දැන් ඉතා සුහදය. දින කිහිපයකට සැරයක් ඇය මා අමතයි.ඈගේ ආදරය සෙනෙහස මා හට දැන් දැන් නොඅඩුව ලැබෙමින් තිබේ.ඇගේ ආදරය නැවත මට ලැබෙන බව මා දන්නේය.දින සති මාස අප දෙදෙනාට නොදැනි ගමන් කරමින් තිබුණි. සති කිහිපයකට උඩදී ඇය කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට නැවත පැමිණියේය. එ පැමිණීම ඇගේත් මගෙත් ජිවිතයේ පෙරලියක් කරන්නට සමත් විය. අගේ අර්ධනාවෙන් අප දෙදෙනා දින දෙකකට පෙර විවාහය හදිසියේ ගිවිස ගත්තේය. දළදා මාලිගාවට හා ගැටඹේ විහාරයට ගිය අප දෙදෙනා භාරවී වී සිටි සියලු භාර ඔප්පු කළේය.මෙය හදිසියේ සිදු වූ දෙයකි.මන්ද ඇය ලබන සතියේ නැවත මෙරටින් යන නිසාවෙනි. මිතුරන් තියා අම්මා තාත්තා පවා දන්නේ නැත.ඔවුන්ට කියන්නටද කාලයක් නොතිබුණි.

දුරකථනය නාද වීමත් සමග ඈහෑරුනි.පියවි සිහියට අවේ ඒ මොහොතේය.මා මේවනතෙක් දුටුවේ සිහිනයක් බව වැඩි වෙලා නොගොස් තෙරුන් ගැනුනි.මේ සිහිනය කවදා හෝ ඔබලාගේ ආශීර්වාදය මත සිහිනයක් නොවනු යැයි මගේ සිත දනී.නමුදු ඈ මා හට උරුම නැත.මාද ඇයට උරුම නැත.ඇයට ලංවිමටද උත්සහ කරන්නේ නැත.සියල්ල කාලයට භාර දී බලා සිටිමි.

Engaged 

ඔබ සියලු දෙනා සුභ පැතුවේ මා පෙර දිනයක දුටු සිහිනයටය.

හදවතින්ම ස්තුති කරමි සුභ පැතුම් වලට ..........!

Wednesday, August 20, 2014

මගේ මල්ලිට ජය වේවා...

මේ දේ කියන්නේ මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් මල්ලිලා වෙනුවෙන් මයි.


ඔයාලා මගේ යාලුවෙක් කියලා හිතලා මම මේ කතාව කියන්නම්....

රිසල්ට් බලන්න දෙයක් නෑ...උඹ දන්නවා උඹ ෆේල් කියලා,,,,,
ඒක විභාගය ලියන්න කලින්,ලියල ඉවර උනහම උඹට තේරිලා ඉවරයී...
ජිවතය හරි සටනක් ,කටුකයි එ කටුකත්වය විඳින්න ඕනේ , උඹ වින්දා එක .

මම දන්නව මල්ලි උඹේ හැටි,,,
කොල්ලෙකුගෙ මළ ගෙයක් ,දානේ ගෙයක් මිස් කලේ නෑ...
යලුවෙක් මොකකට හරි කතා කොලොත්...
උඹ බොක්ක උනත් දෙන්න ගියා....
කොල්ලොත් එක්ක එකතු වෙලා බීපු හැටි මතකද...???
අම්මට සිරී මතක් වෙනකොටත් උඹේ දිව ටිං ටිං ගානවා නේ....
පන්ති කට් කරලා යලුවොත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා,,
නැත්නම් පොඩ්ඩක් සෙට් වෙන්න ගියා,,,,
කොල්ලොත් එක්ක කලෙක්ශන් දාලයි මේක කරේ,,
වත නැති උන්වත් උඹ ඇදන් ගියා උන්...
මම දන්නව මලේ උඹේ හැටි...
එල කිරි කාලේ,,,

මේ කොල්ලෝ..
මතක් කරපන්කො දැන් උඹ යාළු වෙලා ඉන්න පුන්චි නංගියා ගැන...???
අන්න කොල්ලගේ හිතට දුක අතරින් පැණි හිනාවක් ආවා....
මේ මගුල් විභාගේ නෙමෙයි,,
මොනා නැති උනත් එකී මාත් එක්ක හැමදාම ඉන්නවා,,,
උඹේ හිතට දැන් හිතුනේ එකයි....
ඔන්න ඔතනට මල්ලි මම පස්සෙ එනවා....
උඹ එකිගේ පන්ති ඉවර වෙන වෙලාවට එනවා උඹ පංති නොගිහින්..
.උඹට එකි දැක්කත් ඇති හිත පිරෙනවා...
උඹ ඒකිට කියන්නේ නෑ පන්ති නොගිය බවක්,,,
කිව්වොත් වසලා හමාරයි නේ...
උඹලා දෙන්නත් එක්ක පොඩි කයියක් දාගෙන ඉඳලා ...
ඒකිව ඇරලන්න බස් එකෙත් යනවා...
උඹ කොච්චර බස් පදින්න ඇතිද මල්ලී...
පාරේ තියෙන වලක් වලක් ගනේ උඹට කියන්න පුලුවන්....
එකිව හම්බ වෙන්න තියෙනවනම් උඹ බෙල්ල කඩන් එන බව මම දන්නවා මල්ලී....
උඹ විභාගේ කරලා ඇවිත් මාස දෙක තුනක් ෆ්‍රී එකේ ඉන්නවා .
රිවිෂන් පටන් ගන්නවා , උඹ ඒවටත් යනවා . ආයි වල බහිනවා .
බහිනවා නෙමේ බැහෙනවා.
විභාගෙට මාසයක් තියලා උඹ ආයි මැරීගෙන පාඩම් කරනවා .
අවුරුදු 2.5 ඒවා මාසෙන් අදින්න සක්කරයටවත් බෑමචන්...
උඹත් දන්නවා ඒක,,ඒත් ගෙදර මිනිස්සුන්වත් රවට්ටන්න ඕන නේ...
එපා බන් උඹට කැපවීමකින් ඒ දේ කරන්න බැරිනම් අත ගහන්න එපා.

මගේ මල්යේ උඹට මම බනින්නේ නෑ..

උඹ දැන් ගත්ත තීරනය මොකද්ද...???
ආපහු සැරයක් විභාගේ කරනවද...???
එහෙම තීරනය කලා නම් බැහැලා කරපන්,,,
අපත ජේවිතේ අත ඇරපන්,,,
ආපහු ඔය රිසල්ට් එකම ඕන නම්....
දෙය්යන්ගේ නාමෙන් අපහු සැරයක් විභාගේ කරන්න එපා,,
යකෝ උඹේ අම්මා පව්,,
ඒ මනුස්සයගේ හිතේ තියෙන ගින්දර උඹට දැම්ම දැනෙනේ නෑ...
එකට කාළයක් යනවා...
උඹේ හැකියාව තියෙන්නේ වෙන පැත්තකටනම්...
ඒ අංශයෙන් ඉස්සරහට පලයන්...
ජනවාරි මාසයේ සියලු පාඨමාලා පටන් ගන්නවා...

ඒත් මල්ලී මම උඹට කියන්නේ......
තව පරක් විභාගේ කරන්න එපා කියල නෙමේ
බොක්කෙන්ම කරපන්,,
උඹ වෙන ඒවා බැහැල කරනවනම්....
ඇයි මේ පැය තුනක පේපර් එකකට පාඩම් කරල ලියන්න බැරි...
මම උඹට බණ කියනවා නෙමෙයි...

මල්ලි උඹ තව දුරටත් දඩ අපත ජීවිතයක් ගත කලොත්,
උඹේ කෙල්ල උඹව දාලා යනවා...
බොරුනම් බලපන්..
කෙල්ලො කවද්ද මල්ලි කැමති දුක් විඳින්න..

උඹට මම කියන්නෙ නෑ ඩිග්‍රියක් ගහන්න කියලා,,
හැබැයි බැරි නෑ...
උඹේ කෙල්ල උඹව දාලා ගිය දවසට උඹ විභාගේ ෆේල් උනාටත් වැඩියෙන් ජීවිතේ වැටෙනවා..
අන්න ඒ තත්වය නැති කරගන්න පුලුවන් උඹටම විතරයි...
මල්ලි දැන් ආදරය කියන එකත් මුදල් මත යැපෙන දෙයක්,,
ඒක උඹට මට වෙනස් කරන්න බෑ..
කොල්ලො අවන්කයි ඒකම මම දන්නවා...
ආර්ථිකය තියෙනවනම් ආශ්චර්යා රායි වගේ කෙල්ලො උඹ පස්සෙන් එනවා...
මම කියන්නේ බොරු කියලා හිතෙනවනම් මෙහෙම දෙයක් කරපන්..

""""උඹ කාගේ හරි අදුනන කෙනෙක්ගේ හයිබ්‍රිඩ් කර් එකකින් ....
පන්තියක් ගාවට ගිහින් ෆෝන් එකත් කනේ ගහන් බැහැපන්..
උඹ කලින් ට්‍රයි කරලා දාගන්න බැරි කෙල්ල විතරක් නෙමෙයි ,
එතන ඉන්න හැමදෙනාගේම අවදානයට උඹ ලක් වෙනවා...
කොටින්ම කිව්වොත් උබට ඇන්ටි කෙනෙක් උනත් වැටෙනවා..."""

ඔන්න ඕකයි මල්ලියේ සරළම කතාව...
සල්ලි හම්බ කරන්න නේ අපි හැම දෙනාම මේ දහ දුක් විඳිනේ...

උඹලා පෙරුම් පිරුවේ මෙඩිකල් ෆැකල්ටි යන්න , ඉංජිනේරියන් ෆැකල්ටි යන්න , ලෝ ෆැකල්ටි , ආර්ට් , කොහොමහරි කැම්පස් යන්න . කැම්පස් ජිවිතේ පට්ට මචන් , . o/l වලින් පස්සේ උඹ A/L කරන්න අවා මල්ලියේ . නමුත් උඹලා දෙවෙනි පාරට A/L කරන්න හිතන්න එපා මචන් ගිය පාර වගේ. උඹට ඕනේ ඩිග්‍රිය කරන්නද . කැම්පස් ගිහින් ඒ ඩිග්‍රිය ගන්නවට වඩා උඹට ඩිග්‍රියක් කරන්න ලංකාවේ දැන් ඕන තරම් පහසු කම් තියෙනවා . සල්ලි ඕනේ නෑ මචන් රජයේ උපාධි කඩ වලින් නැතිව ඩිග්‍රියක් ගන්න පුළුවන් දැන් .

ලංකාවේ ටෙක්නිකල් තියෙනවා මචන් හැම ගමක් ගමක් පාසා .
පලයන් ලබන මාසෙම
අලුතින් කොස් පටන් ගනින් , උඹට යන්න බැරි උන පාර වෙනම විදිහකින් පලයන් .
අවුරුදු 5ක් කාපන් මචන් ටෙක්නිකල් ජිවිතේ .
එකත් පට්ට ජිවිතයක් , සුන්දරයි බන්
මේ යන විදිහට මෙරටේ ඉන්න බැහැ .
උඹ තාක්ෂනය පැත්තෙන් උපාධිය ගනින් බන්
මෙ රටෙන් යන්න ලේසි එක ක්‍රමයක් ඒ
උඹලට අපි ඉන්නවා මල්ලියේ

අම්මා අප්පා ගෙන්න ගනින් ගිහින්
එ මිනිස්සුන්ට සතුට දීපන්
අම්මෙක්ට අප්පෙක්ට එක දවසක් හරි
උඹ හම්බ කරපු සල්ලි වලින් බත් වේලක් දීපන්
ඒ මිනිස්සුන්ට එතරම් සතුටක් නැහැ

රට දාලා යන්න බැරිනම්

ගැරජ් එකක් හරි දාගනින් තව අවුරුදු හයක් යනකොට උඹට ලොවෙත් සල්ලි හම්බ කරන්න පුලුවන්....

තීරණය උඹේ අතේ........

මල්ලි උඹට මම මේ කිව්වේ වැදි බණ නෙමෙයි..

උඹට මම රහසක් කියන්නම්.....
මටත් ඔය හැමදෙයම උනා...
මට හැම දෙයම නැති උනා,,,
උඹට වගේම මේ මගේත් ජීවිත අත්දැකිම්..
ජීවිතේ දිනපන් මගෙ මල්ලි...
උඹට පුලුවන් ඒක කරන්න ,,
උඹට හිනා උන අයට,
අපිව දාල ගිය අයට,,
ජීවිතේ දිනල පෙන්නපන්.....
හිතුවොත් කරන්න බැරි දෙයක් ලොවෙත් නෑ....
අසරණ අම්මටයි තත්තටවයි තව කලයක් ජීවත් කරපන්...
ඒ මනුස්සයෝ උඹ හින්දා විඳෙවා ඇති...
මම කැමති නෑ මල්ලි උඹව අමාරුවේ වැටෙනවා බලන් ඉන්න...

මගේ මල්ලිට ජය වේවා...