Wednesday, February 18, 2015
සිහින
මිනිස්සු කාලෙන් කාලෙට සිහින මවනවා.ඒ සිහින කාලයත් එක්ක ම වෙනස් වෙනවා.ඒ වගේ ම ඒ හිතත් වෙනස් වෙනවා.රහත් වෙනකම් එහෙමයි ලු.අපි හැම තිස්සේම හදන්නේ අනිත් අයට පෙන්න ඒ අයට වඩා ලොකු දෙයක් කරන්න. එයලට වල කපලා හරි.එක තමයි පොදු ධර්මතාවය.අපි හිතමු යාලුවා කැමරාවක් ගත්තා කියලා , තමුන් බලන්නේ ඊටත් වඩා හොඳ කැමරාවක් ගන්න.එක ගන්නෙත් ණය වෙලා, අත කණ උගස් තියලා හරි.මං කියන්නේ මේ කුහක කතන්දරේ නෙමේ.සෑම මිනිසේක්ටම සිහිනයකට සැලැස්මක් තියෙන්න ඕනේ.පිළිවෙලට මේ සැලැස්ම ක්‍රිය්වට නංවන්න ඕනේ.හොයලා බලලා කලේ නැත්තම් අර මවපු හින සේරමා හිනා වෙනවා. හරියට ගෙයක් හදනකොට හොඳ පාදමක් දැම්මේ නැහැ වගේ.
ඔය අතරේ පුංචි කතවක් මතක් උනා . ශ්‍රී ලංකාවේ අපි හරියට බොරු කියනවා.අවංකව ඇත්ත කියන අය හරිම අඩුයි.මේ තත්වේ එන්න එන්නම වැඩි වෙනවා.බහුතරයක්ම ශ්‍රී ලාංකිකයෝ පට්ට පචෝරිස්ලා.
'' නොදකින් "
ලියන්න පටන් ගද්දි තව මොනාදෝ ලියන්න හිතන් හිටියා , නමුත් මට දැන් ඒ ටික අමතකයි.
" චික් "
මාතෘ කාවක් දන්නේ නැත
වෙලාව සවස 4 පහු වුනා විතරය .වැහිබර කාලගුනයකින් මුළු සරසවි බිමම වෙලා ගන්නට සමත් විය.දහවල් කාලයෙ වැහි වලාකුලක් පෙනෙන්නට නොතිබුන අහස වැහි වලාකුළු වලින් බර වී වෙනස් උනේ සිතන්නටත් බැරි කාලයක් තුලය. වල ළඟ ඉඳන් හිමින් හිමින් ඇවිදන් ඇවිත් අල්විස් පොකුණ ළඟ වාඩි උනේ හිතේ හට ගත් වේදනාව හා තනි කම නිසාමය.වට පිටාව ගැනවත් අවධානයක් යොමු කරන්නද හිත දුන්නේම නැත.ඒ තරම්ම හිත තිබුනේ නොරිස්සුම් ගතියකින් හා වේදනාවකින්ය.හිත එක් එක්තැන් කරගෙන හොස්ටල් එකට යන්නටද බැරි තරම්ය.
මම මහා ගලක් යැයි සිතා සිටියෙමි.නමුත් අද එසේ නැත.යම් යම් හේතුන් නිසා සිත බොලඳ වෙයි.ආදරය සමහර අවස්ථාවන්හිදී තව එකෙකුගේ හැඟීම් හා සමග කරන ක්‍රීඩාවක් වැනිය.එහිදී දෙදෙනාම දිනන්නට පුළුවන, පරදින්නටද පුළුවන,එක් අයෙකු පරදින්නටත් ඒ පැරදීම නිසා විඳවන්නටත් පුළුවන මගේ හිතේ ආදරයක් නැවත දළු ලන්න පටන් අරගෙනය.. එය කුළුඳුල් ආදරයක් නම් නොවේ.මා ඇය කවුද කියා දන්නේද නැත දන්නේ එකම දෙයයි. අපේ සරසවියෙම අවු 2 බාල සිසුවියක් කියාය....
බුදුන්ට අනුව දිව නාසය ඇස සම කණ කියන පහෙන් කිඳා බසින සිතුවිලි මොලය හරහා ප්‍රේමය හා ප්‍රතික්ෂේපය බවට හැරවෙනවා.පංචේන්ද්‍රියන් පිනවන යම් යම් දෙයක් වේද සිතුවිලි හරහා එය දරුණු ලෙස ඉල්ලයි නම් එය ප්‍රේමයයි.මටත් ඔනේ පෙම්වතෙක් වෙන්න නමුත් මට දෙවියෝ පෙමව්තියක් දෙන්නේ නැහැ.මට හිතෙනව ලෝකයාටම ඇහෙන් මහා හයියෙන් කෑගහලා කියන්න මාත් මනුස්සයෙක් කියලා.ප්‍රේමය ගැන ඉතා ලස්සන චිත්ත රුප මෑවෙද්දී මං උඩ බලාගෙන ඉන්නවා..
දිගු නිහැඬියාවකින් පසු මචං කියා පිටට උඹ තට්ටු කරාමයි මං සිහින ලෝකෙන් අවදි උනේ.මචන් මොකෝ මේ බර කල්පනාවක මුකුත් නැහැ කියා හිත රවට්ට ගන්න හැදුවට ඌ දන්නවා ඇත්ත ,බොරු කියන්න එපා මචං කියා කතාවට මුල පිරුවද මට උඹත් එකක් කතා කරන්න බැහැ. මට උඹේ මුනෙන් ලොකු දෙය පෙන්වා , මොකෝ උඹ කෙල්ලෙක්ට වහ වැටිලද ඇත්ත කියපන්.උඹට මතකද පෙරේදා ලෙක්චර්ස් ගිහින් එනකොට අක්බාර් පාලම ළඟ කෙල්ලෝ ටිකක් හිටියා,කෙල්ලො නම් කොච්චර එතැන හිටියද බං,මොන කෙල්ල ගැනද උඹ කියන්නේ . ගයානයගේ කෙල්ලගේ සෙට් එක බන්....ආආආ ඉතින් කියපන්කෝ, උඹට මිටර්ද ඒ සෙට් එකේ හිටියා සුදු අහිංසක ලස්සන කෙල්ල සුදු බ්ලවුස් එකයි කළු ටයිඩ් ඩෙනිමයි ගහලා කන්නාඩි දාපු... ඒකිද මේ උඹට බැල්ම දාපු කෙලි පොඩ්ඩ.එකි මට දාපු බැල්මට් එකක් නැහැ මචං....ඉතිං දැන් මොකෑ වෙන්න ඕනේ කියපන්කො.උඹට හැකිද බං ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඉතිං උඹට පුළුවන්නේ කෙලින්ම ඒකිගෙන් අහන්න.
මට ඒ කෙල්ල දැක්ක දවස ඉඳන් හිතට මොකක්ද මංදා වෙනසක් දැනෙනවා මචං.කොල්ලට ආයි මල් සරා බැල්ම හෙලලා වගේ. මචන් උඹ හිතනවද ඒ කෙල්ල උඹට කැමති වෙයි කියලා.ඒ කෙල්ලට කොල්ලෙක් නොහිටියත් ඇයි බං අකමැති වෙන්න හේතුව.උඹ ඉස්සෙල්ලා පොඩ්ඩක් හොයලා බලපන්කො,මං නම් හිතන්නේ කොල්ලෙක් නැතිව ඈති බං.මං දැකලම නැහැ කොල්ලෙක් එක්ක ඉන්න්වා. සමහර විට කැම්පස් එකෙන් එළියේ කොල්ලෙක් ඉන්න පුළුවන් මචං ,තව ටික දවසයි මචං තියෙන්නේ අපිට . කාලය යන්නේත් අපිට නොදනුවත්වමයි.
මගේ ආදරය ඇයට පවසන්නේ කෙසේද මෙටික දවස ඇතුලත .සමහර විට අපි ආයි හමු නොවෙනු ඇත. මේ නම් සසර ගමනක කුමක් හෝ බැඳීමක් විය යුතුය.ඈ මාහට මේ තරම් හුරු පුරුදු ඒ නිසාවෙන් විය යුතුය.ඇය මෙසේ මුණ ගැසුනේ මාගේ ජිවිතේ යම් හැරවුම් ලක්ෂයක් විය හැක.මගේ සිත ඈ ගැන ආදරයෙන් පිරි ඈත.
හෝරාවකට අධික කාලයක් මාත් එක්ක කතිකා කරපු ආත්මය සමච්චලයට හිනා වී මටත් නොකියම ගියේ මං බොළඳයි කියා නොකියාය.....
Subscribe to:
Posts (Atom)
.jpg)

